×

යෝධ සූර්ය කුණාටුවක් අත ළඟ – මිහිමත ජීවය අවදානමේ

පැහැදිලිවම අප සූදානම් නැත. මිහිමත ජීවය වනසා දමන්නට පවා එයට හැකියාව ඇත.


මෙයට වසර 2500කට පෙර ද පෘථිවිය මේ ආකාරයේම අති ප්‍රබල සූර්ය කුණාටුවකට නිරාවරණය විය. දැන්, නැවතත්, එයම සිදුවන්නට යයි.

සූර්ය කුණාටු සෑදී තිබෙන්නේ සූර්යයාගෙන් මුදා හැරෙන අති ප්‍රබල ශක්ති අංශුවලිනි. ඒවා හටගන්නේ හිරුගේ මතුපිට සිදුවන පිපිරීම් නිසා ය. සූර්ය කුණාටුවේ අන්තර්ගත විකිරණශීලී ධාතූන් එවිට පෘථිවිය වෙළා ගනු ඇත. ඒවා පෘථිවියට වැසි වසිනු ඇත.

Image: Rex
Image: Rex

ග්‍රීන්ලන්තයට ඉහළ අහසේ වූ සිදුරකින් යෝධ කොලපාට මකරෙක් එබිකම් කරමින් සිටින බව වරක් නාසා ආයතනය කීය. මේ මකරා නම් අන් කිසිවෙක් නොව සූර්ය කුණාටුවයි.

ක්‍රිස්තු පූර්ව 660 යුගයේදී සිදුව ඇතැයි සිතන එවැනි සූර්ය කුණාටු වර්ෂාවක අංශුමාත්‍රයන් තවමත් ග්‍රීන්ලන්තයේ අයිස් වැස්ම යට සැඟව තිබේ. ඒවා අධ්‍යයනය කළ විද්‍යාඥයන් කියා සිටියේ ගතවූ වසර 70 ක කාලය තුළ මෙවැනි අංශු සොයාගැනීමට මිනිසා පාවිච්චි කරන උපකරණ හා තාක්ෂණයන් සියල්ලටම හසුනොවන තරම් දැවැන්ත විකිරණශීලීතාවයක් එ්වා තුළ පවතින බවයි.

Image: Getty
Image: Getty

අනතුර පැහැදිලි ය. අපට සිතාගත නොහැකි තරම් අති දැවැන්ත විනාශයක් සිදුකිරීමට සූර්ය කුණාටුවකට පුළුවන.

සූර්ය කුණාටු ඇතිවීමේදී සූර්යයාගේ මතුපිට ශක්ති පිපිරීම් සිදුවන්නේ, එහි ප්ලාස්මාව මතුපිට ස්ථරය වෙත විදීමේ ද ප්‍රතිඵලයක් ලෙස ය. එවිට හිරු මතුපිට සූර්ය ලප බහුල වෙයි. ඉක්බිති ඒවා පුපුරා යයි. කොරෝනල් මාස් ඉජෙක්ෂන්ස් coronal mass ejections (CMEs) නමැති සංසිද්ධියේදී අති දැවැන්ත ලෙස මේ ශක්ති වැගිරීම සිදු වේ. එ් ගැන අදහසක් ලබාගන්නට නම්, එහි වේගය තත්පරයට සැතපුම් 620 ක් බව සිතට ගන්න!

ඇතැම්විට සූර්ය කුණාටුවකදී මුදා හැරෙන ශක්ති ස්කන්ධය ගිනි කඳු පිපිරීමකදී මුදා හැරෙන ශක්ති ස්කන්ධය මෙන් මිලියන 10 වාරයක් වනු ඇත.

සූර්ය කුණාටුව උත්සන්න වූ සමයේදී එක් දිනකට විසි වතාවක් පමණ මෙසේ පුපුරා හැළෙන්නට සූර්යයාට පුළුවන.

සෝලා මැක්සිමම් solar maximum හෙවත් ‘සූර්ය උපරිමය‘ නමැති සංසිද්ධියක් ද මෙහිදී නිරීක්ෂණය විය හැකිය. මෙයින් අදහස් කරන්නේ, සූර්යයාගේ ක්‍රියාකාරිත්වය ක්‍රමයෙන් ඉහළ යන 11 අවුරුදු චක්‍රයයි. මෙම චක්‍රයේ උපරිමයට පැමිණි විට කෝපාවිෂ්ට සූර්යා සෑම සතියකටම සූර්ය දැල් (solar flares) 100 ක් පමණ මුදා හරිනු ඇත. එවැනි සූර්ය දැල්ලක උණුසුම කෙල්වින් අංශක මිලියන ගණනකි. මිහිමත උණුසුම් ම ස්ථානය ලෙස සැලකෙන කැලිෆෝනියාවේ මළ නිම්නයේ පවා මෙතෙක් වාර්තාගත උපරිම උෂ්ණත්වය කෙල්වින් අංශක 330කට වැඩි නැති බවත් මේ සමගම සිතට ගන්න!

විද්‍යාඥයන් සූර්ය කුණාටු පිළිබඳ ඇස ගසාගෙන සිටින්නේ 1950 දශකයේ පටන් ය. ඒවායින් විද්‍යුත් ජාල, සන්නිවේදන පද්ධති, චන්ද්‍රිකා සහ ගුවන් ගමන්වලට සිදුවන බලපෑම් ගැන ඔවුන් අතිශය සැලකිලිමත් ය. 1989 වසරේදී සූර්ය කුණාටු ක්‍රියාකාරිත්වය ඉහළ ගිය අවස්ථාවකදී කැනඩාවේ කියුබෙක් හි ජල බලවේග පද්ධතිය සහමුලින්ම අවුල් සහගත වී ගියේය.

මීට පෙර, හරියටම කියනවා නම් ක්‍රි.ව. 775 සහ ක්‍රි.ව. 994 දී ද පෘථිවිය මෙවැනි සූර්ය කුණාටුවලට හසු වී තිබේ. මේ අනුව සූර්ය කුණාටු ද සිදුවන්නේ චක්‍රාකාරව ය. නැවත නැවතත් එය සිදු වේ. කලින් කලට එය සිදු වේ. එය වළක්වාලීමට කිසිවෙකුත් සමත් නොවනු ඇත.

‘‘අපට එයට මුහුණ දීමට සූදානම් විය යුතුයි. මේ අවදානම අප මෙතෙක් අවතක්සේරු කර තිබෙනවා“ යැයි ඇමරිකාවේ ජාතික විද්‍යා ඇකඩමිය පවසන්නේ අනතුරු ඇඟවීමක් ද සමග ය.

සූර්ය කුණාටු හැම විටම ඇති වන්නේ නැත. නමුත් එය ‘ඇතිවන‘ විට මිහිමත ජීවයට ‘නැති වීම‘ ගැන සිතන්නට සිදු වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි