×

2019 වසර ආරම්භයේදී ලෝකය පුරා සරම්ප රෝගීන් තුන්ගුණයකින් වැඩිවේ.

යුක්රේනය, මැඩගස්කරය, සහ ඉන්දියාව සරම්ප රෝගය හේතුවෙන් මෙම වසරේ මුල් කාර්තුවේදී ලොව වැඩියෙන්ම බලපෑමට ලක් වූ රටවල්ය.


ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරි පත් කරන ලද වාර්ථා වලට අනුව මෙම වසර ආරම්භයත් සමග සරම් රෝගීන් සංඛ්‍යාව පෙර වසර මෙන් තුන් ගුණයක් වැඩිවී ඇති බව අනාවරණය වේ.
මේ අතර අප්‍රිකානු කලාපය තුළ පමණක් රොගීන් සංඛ්‍යාව 700%කින් වැඩි වී ඇත. එක්සත් ජාතීන්ගේ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ සැබෑ තත්ත්වය මීටත් වඩා වැඩි වීමටද ඉඩ ඇති බවයි. මන්ද එම සංවිධානය පවසන පරිදි ලෝකයේ මෙවැනි අවස්ථා වර්ථාවන්නේ සිදුවීම් 10කට එකක් පමණකි.

සරම්ප යනු දැඩි සේ ආසාධිත විය හැකි වෛරසයක් වන අතර එය ඉතා දරුණු සෞඛ්‍යමය තත්ත්වයන්ට මගපාදන තත්ත්වයකි. බොහෝ විට මොළය මෙන්ම පෙනහළු වලටද මෙමගින් බලපෑම් ඇති වේ.

යුක්රේනය, මැඩගස්කරය, සහ ඉන්දියාව සරම්ප රෝගය හේතුවෙන් මෙම වසරේ මුල් කාර්තුවේදී ලොව වැඩියෙන්ම බලපෑමට ලක් වූ රටවල්ය.

පසුගිය වසරේ සැප්තැම්බරයේ සිට මැඩගස්කරය තුළ පමණක් සරම්ප හේතුවෙන් 800ක් වත් අඩුම තරමේ මිය ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. බ්‍රසීලය, පාකිස්ථානය, යේමනය යන රටවලද මේ හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව වාර්ථා ගත ලෙස ඉහළය.

එමෙන්ම ඉතා ඉහළ එන්නත් වැඩ සටහන් ක්‍රියාත්මක වුවද ඇමරිකා එක්සත් ජනපදය මෙන්ම තායිලන්තයද සරම්ප රොගයට ගොදුරු වීම නිසා වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්ථා වූ රටවල් වෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ නිසි එන්නත් වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමෙන් මෙම සරම්ප රෝගය සහමුලින්ම උපුටා දැමිට හැකි බවයි.

නමුත් මෙම රොග තත්ත්වය මෙතරම් ප්‍රමාණයකින් ඉහළ යන්නට හෙුතු වූ ප්‍රධානතම කරුණු දෙකක් වී ඇත්තේ දුගී බව සහ වැරදි තොරතුරු ප්‍රචාරය වීමයි. විශේෂයෙන්ම දුප්පත් රටවල එන්නත් කිරීමේ වැඩ සටහන් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවේ බහුතරයක් විශ්වාස කරන්නේ දින කිහිපයකින් ඉබේ හොද වන රොගයක් බැවින් එන්නත් ලබා ගැනීම නොකළ යුතු බවයි. දියුණු රටවල එන්නත් වැඩසටහන් ක්‍රියාත්මක වුවද විශේෂයෙන්ම කුඩා දරුවන් සම්බන්ධව විවිධ වැරදි තොරතුරු සමාජ මාධ්‍යයේ පළ වීම මෙන්ම , ඇතැම් ආගමික හා විශ්වාසයන් හේතුවෙන් රොගය සුව කිරීමට උත්සහා නොකිරීමත් මෙසේ රොගීන් සංඛ්‍යාව වැඩි වන්නට හේතු වී තිබේ.

කෙසේ වෙතත් වාර්ෂිකව සරම්ප රොගය නිසා මිය යන සංඛ්‍යාව 100000කට ආසන්නය. ඔවුන්ගෙන් බහුතරයක් දරුවන්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි