×

සරම්ප රෝගය තුරන් කර නිරෝගී වූ යුරෝපා රාජ්‍යය 4ක් යළිත් රෝගී වෙයි

ඇල්බේනියාව, චෙක් ජනරජය, ග්‍රීසිය, සහ බ්‍රිතාන්‍ය මෙසේ යළිත් සරම්ප රොගීන් වාර්ථාවූ රාජ්‍ය්‍යන්ය.


සරම්ප රෝගය තුරන් කළ බවට සහතික වී තිබූ යුරෝපා රාජ්‍ය්‍යන් 4කින් යළිත් සරම්ප රෝගීන් වාර්ථාවන්නට පටන් ගැනීම හේතුවෙන් තවදුරටත් එම රාජ්‍යයන් සරම්ප තුරන් කළ රාජ්‍ය්‍යන් ලෙස හැදින්විය නොහැකි වීමේ තත්ත්වයක් උදා වී ඇත.

ඇල්බේනියාව, චෙක් ජනරජය, ග්‍රීසිය, සහ බ්‍රිතාන්‍ය මෙසේ යළිත් සරම්ප රොගීන් වාර්ථාවූ  රාජ්‍ය්‍යන්ය.

මේ පිළිබදව ප්‍රකාශයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධෘනය පවසන්නේ ලෝකය වැරදි මාවතේ ගමන් රමින් සිටීම මෙයට හේතුව බවයි.

රෝග නිවාරණය පමණක් නොව යළිත් රෝගය ඇතිවීම වැළැක්වීමට අඛණ්ඩව ක්‍රියාත්මකන විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

සරම්ප රෝගය යනු ඒන්නත් කිරීම මගින් දුරු කළ හැකි රෝගයක් වුවත් තවදුරටත් රෝගය මෙසේ පැතිර යෑම ඇමරිකාව , බොහෝ යුරෝපා රාජ්‍යයන් ද ඇතුළුව ලොව බොහෝ මුහුණ දෙමින් සිටින ගැටළුවකි.

වසර 25කට පසු මෙම වසරේ ඇමරිකා එක්සත් ජනපදයෙන් වැඩිම සරම්ප රෝගීන් සංඛ්‍යාවක් වාර්ථා විය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව එමෙන්ම මෙම වසර තුර ලෝකය පුරා වාර්ථාවූ සමස්ථ සරම්ප රොගීන් සංඛ්‍යාව 365000කි. එය පසුගිය 2018 වසරට වඩා තුන් ගුණයක වැඩි වීමකි.
ලෝකයේ සරම්ප රෝගය වේතුවෙන් වැඩියෙන්ම පීඩා විදින රාජ්‍යයන් බවට පත්ව ඇත්තේ කොංගෝව,මැඩගස්කරය සහ යුක්රේනයයි.

එන්නත් ලබා ගැනීම සදහා පවතින දුෂ්කරතිවන් මෙන්ම එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් දුර් මතද රොගය මෙසේ පැතිරී යෑමට හේතු වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ සරම්ප එන්නත සම්බන්ධව විවිධ විශ්වාසයන් හා ඇදහිලි සම්බන්ධ ප්‍රද්ගලයන් විසින් දුරුමත ප්‍රචාරය රෝගය පිටු දැකීමට බාධාවක් වී ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි