×

උතුරු ඊශ්‍රායලයේ සරම්ප වසංගතයක්!

ඊශ්‍රායලයේ සරම්ප වසංගත තත්ත්වයක් පැතිර යාම පිළිබඳ එරට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අනතුරු අඟවා තිබේ.


ඊශ්‍රායලයේ සරම්ප වසංගත තත්ත්වයක් පැතිර යාම පිළිබඳ එරට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අනතුරු අඟවා තිබේ.

ඒ, එරට උතුරු කලාපයේ කාර්මිල් ප්‍රදේශයේ හා ඒ අවට ය.

ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ (02) දින නිකුත් කළ නිවේදනයකට අනුව, කාර්මිල් ප්‍රදේශයේ හා කාර්මෙල් රෝහලේ සරම්ප වෛරසය පැතිර යාමේ අවදානමක් හට ගෙන තිබේ.

ඒ අනුව, පසුගිය වසරේ,

දෙසැම්බර් 25 – පෙ.ව. 09 සිට ප.ව. 12 අතර කාලය,

දෙසැම්බර් 26 – දින ප.ව. 12 – 4 දක්වා කාලය,

තුළ කාර්මිල් නගරයේ හවාට්සෙලෙට් සායනය අසල ගැවසුණු පුද්ගලයකු වෛරසයට නිරාවරණය වීමේ අවදානමක් ඇති බවට අමාත්‍යංශය නිවේදනය කරයි.

තවද,

දෙසැම්බර් 26 – ප.ව. 5 – 10.30 අතර කාලයේ,

දෙසැම්බර් 28 දින පෙ.ව. 8.30 ට, හෝ

දෙසැම්බර් 29 දින ප.ව 7 ට

කාර්මෙල් රෝහල අසල ගැවසුනු පුද්ගලයකු වෛරසයට නිරාවරණය වීමේ අවදානමක් ඇති බව ද අමාත්‍යංශය අනතුරු අඟවයි.

1956 වර්ෂයෙන් පසු උපත ලද සරම්ප එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් පුද්ගලයින් මෙම ස්ථාන වල සංචාරයේ යෙදෙන්නේ නම් එතැන් පටන් දින 6ක් ඇතුලත් වහාම ළඟම ඇති සායනය වෙත ගොස් පරීක්ෂාවක් කර ගන්නා ලෙස අමාත්‍යංශය අවධාරණය කරයි.

වෛද්‍ය උපදෙස් මත අදාල එන්නත් ලබා ගත යුතු බවත් එම නිවේදනයේ දැක්වේ.

උණ තත්ත්වයෙන් පෙළෙන ඕනෑම අයෙකු කැස්ස, කිවිසුම් යාම, ඇස් දැවිල්ල හෝ පළු දැමීම් ආදී ලක්ෂණ එකක් හෝ පෙන්වන්නේ නම් පොදු ස්ථාන කරා ගමන් කිරීමෙන් වළකින ලෙසද අමාත්‍යංශය ඉල්ලා සිටියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි