×

ලෙදර් නිෂ්පාදනයේ අලුත් බලාපොරොත්තුව ”මත්ස්‍ය සම”

මත්ස්‍ය සම පදම් කිරීමට ගත වන කාලය අඩුම තරමේ සති තුනක් හෝ හතරකි.


ලෙදර්.. බොහෝ විට සාදන්නේ සත්ව සමෙනි. වවිධ අයුරින් ප්‍රයෝජනයට ගන්නා නැතිවම බැරි මාධ්‍යයක් වී ඇති මේ ලෙදර් නිෂ්පාදන සදහා මාළු සම යොදා ගැනීම පිළිබදව මේ වන විට වැඩි වැඩියෙන් ලෝකයේ අවධානය යොමු වෙමින් පවතී.

ස්ටේනන් ගන්ස්ටෙය්න්ස්ඩොටියර් .. ඇය මේ සදහා මූලාරම්භයක් තැනූ කාන්තාවකි.
අයිස්ලන්ත සමාගමක් වන ඇට්ලන්ටික් ලෙදර් හී විකුණුම කළමනාකාරිණියක ලෙස ඇය සේවය කරන්නීය. ඇට්ලන්ටික් ලෙදර් යනු ලොව මාළු සම පදම් කරමින් ලෙදර් නිෂ්පාදනය කරන එකම යුරෝපා සමාගමය.

මත්ස්‍ය සම පදම් කිරීමට ගත වන කාලය අඩුම තරමේ සති තුනක් හෝ හතරකි. 1994 වර්ෂයේ සිට මෙම ආයතනය මත්ස්‍ය සම පදම් කරමින් ලෙදර් නිෂ්පාදනය සදහා යොමු වී ඇති අතර ඒ සදහා සැමන් මත්ස්‍ය වර්ගයට අයත් සම, මෝර මාළුන්ගේ සම වොල්ෆිෂ් ආදී මාළු වර්ග කිහිපයක සම යොදා ගනී


මේ වන විට මෙම සමාගමේ සේවකයන් 19 දෙනෙකු මෙසේ මතස්‍ය සම පදම් කිරීම සදහා කටයුතු කරන අතර ඔවුන් විසින් මසකට නිපදවන මතස්‍ය සම් ලෙදර් ප්‍රමාණය ටොන් එකකට ආසන්න ය.
නිෂ්පාදකයන් පවසන අන්දමය පදම් කිරීමේ මූලික අවධිවලදී මතස්‍යන්ට ආවේණික වූ පිලී ගද පැවතුනද අවසානයේ දී එය පහව යන බවයි.

අයිස්ලන්තය,නොර්වේ සහ ෆාරේ දූපත මෙම ආයතනය සදහා මතස්‍ය්‍යන් ලබා ගන්නා රටවල්ය. ඇට්ලාන්ටික් ලෙදර් ආයතනය පවසන්නේ මෙසේ මත්ස්‍ය සම ආශ්‍රිතව ලෙදර් නිෂ්පාදනය පරිසර හිතකාමී බවයි. ගව සම සහ තවත් සතුන්ගේ සම් යොදාගෙන ලෙදර් නිෂ්පාදනය පිළිබදව මේ වන විට ලෝකයේ විවිධ විරෝධතා පවතින්නේය.‍

නිෂ්පාදන ක්‍රියාවලිය සදහා යොදා ගන්නා සෑම ජල බිදක්ම නැවතත් ප්‍රයෝජනයට ගැනීම නිෂ්පාදන ක්‍රියාවලිය තුළම සිදුවීම මෙම මතස්‍ය ලෙදර් නිෂ්පාදනයේ තවත් එක් සාධනීය කරුණක් වී ඇත.
ඇට්ලන්ටික් සමාගම පවසන්නේ තම සමාගම මෙසේ මතස්‍ය ලෙදර් නිෂපාදනයට ස්වභාවික වර්ණක පමණක් භාවිත කරන බවයි. මෙම ලෙදර් ආශ්‍රිත නිෂ්පාදන සහ ලෙදර් සදහා වන මිල ගණන් ඒවා නිපදවීට යොදාගත් සම අයත් මත්ස්‍යයාට අනුව තීරණය වන බවයි.
සාමාන්‍යයෙන් සැමන් මතස්‍යයෙකුගේ සමින් සෑදූ ලෙදර් වර්ග අඩියක් සදහා ඇමරිකානු ඩොලර් 12ක පමණ මිලක් නියම කර ඇත.

මෙම නිෂ්පාදන සදහා මේ වන විට ලෝකයේ ප්‍රධානතම පෙළේ වෙළද සන්නාමයන් සහිත විෂේෂයෙන්ම විලාසිතා නිර්මාණ සමාගම් වෙතින් ඉල්ලීමක් පවතින බව ඇට්ලාන්ටික් සමාගම පවසයි.

එමෙන්ම ඔවුන් පවසන්නේ සාමාන්‍ය ගව හෝ බැටළු සමින් කරන ලද ලෙදර් වලට වඩා මතස්‍ය සම පදම් කිරීමෙන් නිපදවූ ලෙදර් නව ගුණයක් ශක්තිසම්පන්න බවයි.
ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ සාමන්‍ය සත්ව සමක කෙදිසහිතබව පිහිටා ඇති ආකාරය උඩ සිට පහළට වුවත් මතස්‍ය්‍යාගේ එය එක මත එක යන පරිදි හරස් අතට පිහිටා තිබීම බවයි. මෙම ලෙදර් සපත්තු , බද පටි, ගමන් මළු සියල්ලක්ම නිර්මාණය සදහා යොදා ගත හැකි වෙයි.

මීට අමතරව මෙසේ මත්ස්‍ය සම ආශ්‍රිතව ලෙදර් නිෂ්පාදනය හේතුවෙන් ධීවර කර්මාන්තයේ යෙදී සිටින්නන්ගේද ආදයම ඉහළ නංවා ගැනීමට හේතුවක් විය හැකි වෙයි. මේ මගන් නාගයන් සහ කිඹුලන්ගේ සම් යොදා ගැනීමද අඩු වනු ඇති බවට අපේක්ෂා කෙරේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි