×

හැරී කුමරු හා මේගන් කුමරිය සිය රාජකීය භූමිකා වලට සමු දීමට තීරණය කරයි!

සසෙක්ස් හි ආදිපාදවරුන් වන හැරී කුමරු සහ මේගන් පවසන්නේ බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ලෙස ඔවුන් සිය භූමිකාවෙන් ඉවත් වන බවත් “මූල්‍යමය වශයෙන් ස්වාධීන” වීමට කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවත් ය.


සසෙක්ස් හි ආදිපාදවරුන් වන හැරී කුමරු සහ මේගන් පවසන්නේ බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ලෙස ඔවුන් සිය භූමිකාවෙන් ඉවත් වන බවත් “මූල්‍යමය වශයෙන් ස්වාධීන” වීමට කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවත් ය. යුවළ මේ පිළිබදව බදාදා(07) මාධ්‍යට නිවේදනය කළහ.

මෙම ප්‍රකාශයෙන් පසුව එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ මහජනතාවගෙන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ තීරණයට සහයෝගය දැක්වූහ.

“අපි අදහස් කරන්නේ රාජකීය පවුලේ ‘ජ්‍යෙෂ්ඨ සාමාජික භූමිකාවෙන් ඉවත්වී මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමට කටයුතු කරන අතරම රැජිනට අපගේ පූර්ණ සහයෝගය තවදුරටත් ලබා දීමටයි.” ඔවුන් දෙපළ පවසා සිටියහ. හැරී කුමරු සහ මේගන් කුමරිය රාජකීය පවුලේ වෙනත් සාමාජිකයන්ගෙන් ඔවුන්ගේ තීරණය ගැන විමසා බලා නැත. ඒ හේතුවෙන් මෙම නිවේදනය සැමදෙනාවම පුදුමයට පත් කර ඇත.

නිවේදනයෙන් පසු මාළිගාව තුළ දැඩි බලාපොරොත්තු සුන්වීමක් ඇති ව ඇති බව කියනු ලැබේ; ප්‍රවෘත්තියේ ප්‍රතිඵලයක් ලෙස පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් බොහෝ කණගාටුවට පත්ව තිබේ..

යුවළගේ ඉන්ස්ටග්‍රෑම් සටහනෙන් පැය කිහිපයකට පසු නිකුත් කළ නිවේදනයක බකිංහැම් මාලිගය කියා සිටියේ තත්වය “සංකීර්ණ” බවයි.

බොහෝ දෙනා පවසන්නේ ඉදිරියේදී මේගන් කුමරිය යළිත් චිත්‍රපට හා රූපවාහිනී නිළියක් ලෙස කටයුතු කරනු ඇති බවයි.

යුවළ පවසා ඇත්තේ එක්සත් ජනපදය සහ උතුරු ඇමරිකාව අතර කාලය ගත කිරීමට අදහස් කරන බවත් එය සිය පුතුටත් යහපත් වනු ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි