ඔබ ආදරණීයයි..ඔබ නිර්භීතයි, මේගන් මාර්ක්ලේ … ඇය එසේ ලියා තිබුණේ නොමිලයේ බෙදාදීම සදහා සකස් කළ ආහාර ද්‍රව්‍ය පාර්සැල් තුළ තිබූ කෙසෙල් ගෙඩි මතය. එම ආහාර පාර්සල් බෙදා දුන්නේ එංගලන්තයේ මාවත් වල සිටින ලිංගික ශ්‍රමික කාන්තාවන් වෙතය.
රාජකීය පවුලේ සුන්දර සාමාජිකාවක වූ මේගන් මාක්ලේ සහ හෙන්ඩ්‍රි කුමරු නොදන්වා එංගලන්තයේ කාන්තා ලිංගික ශ්‍රමිකයන් වෙනුවෙන් කටයතු කරන සමාජ සේවා ආයතන කිහිපයක් වෙත නොදන්වා හදිසියේම සංචාරය කළේ කටයුතු නිසි පරිදි සිදුවනවා දැයි විමසා බැලීමටය.
එම සංවිධාන කටයුතු කරන්නේ කාන්තා ලිංගික ශ්‍රමිකයන් සහ ඒ සදහා ඇබිබැහි වූ කාන්තාවන් මුදවා ගැනීම වෙනුවෙනි.
හිටි හැටියේ එම සංවිධාන විසින් කාන්තා ලිංගික ශ්‍රමිකයන් වෙත බෙදා දෙන ආහාර පාර්සල් දිග හැර බැලූ ඈ පෑනක් ගෙන ඒවා තුළ තිබූ කෙසෙල් ගෙඩි වල වේගයෙන් ලියන්නට විය. සෑම කෙසෙල් ගෙඩියත් මතම ඈ පණිවිඩයක් සටහන් කලාය. කාන්තා ලිගික ශ්‍රමිකයන් වෙනුවෙන් තැබූ එම සටහන් තුලින් කියා තිබුණේ .. ”ඔබ ආදරණීයයි” ඔබ නිර්භීතයි” ඔබ ශක්තිවන්තයි ආදී දිරිමත් කිරීමේ වාක්‍යයි.