×

“මේගන් මාර්කල්”ගේ හඬ වසර දෙකකට පසු නැවතත් කරළියට !

ඇය සාරාංශයක් ලෙස පැවසුවේ " ආපසු පැමිණීම සතුටක්!" යන්නයි.


එක්සත් රාජධානියේ රාජකීය පවුලෙහි එක් පුරුකක් වන හැරී කුමරුගේ බිරිඳ නමින් මේගන් මාර්කල් ය. මෑතක් වන තෙක් කරළියේ ඔවුන් පිළිබඳ වැඩි කතාබහක් නොවීය. නමුත් නවතම තොරතුරු වලට අනුව හැරී කුමරු සහ මේගන් එක්සත් රාජධානියෙහි සංචාරයක නිරත වන බවත්, එහිදී මැන්චෙස්ටර්(Manchester) හි දී පැවැත්වූ “One Young World ” නම් සමුළුවට ඔවුන් සහභාගී වූ බවත් අනාවරණය වී තිබේ. මෙහි සිදු වූ විශේෂ සිදුවීම වන්නේ ; මේගන් විසින් එම සමුළුවෙහි කතාවක් පැවැත්වීමයි. එහි දී ඇය සාරාංශයක් ලෙස පැවසුවේ ” ආපසු පැමිණීම සතුටක්!” යන්නයි.

මෙය වසර දෙකකට පසු මේගන් ප්‍රසිද්ධියේ පැවැත්වූ ප්‍රථම කතාවයි. ඇය 2014 වර්ෂයේදී “One Young World” හි උපදේශකවරියක වශයෙන් ද කටයුතුකර ඇත. ඇය එහිදී හැරී කුමරුගේ හමු වීම පිළිබඳව සහ ඇයට හැඟෙන්නේ ජීවිතය එක් වෘත්තාකාර රාමුවක් තුළ ගමන් ගන්නා දෙයක් බවත් පැවසී ය.

ඇය එමෙන්ම මේ අවස්ථාවේදී හැඟුම්බර මවක් ලෙස ද ඇයගේ හඬ අවදි කරයි. 2019 වසරෙහි ඇයගේ ජීවිතය වෙනස් වූ ආකාරයත්, 2019 මැයි මසඔවුන්ට දාව මෙලොවට ආ තම දරුවා ( Archie) පිළිබඳවත්, එම කිරි කැටියාට ඉදිරියේදී දකින්න වෙන ලෝකය සහ ඒ වෙනුවෙන් මම කුමක් කළ යුතුදයන පැනයන් ඇයට ඇතිවන බවත් මෙහි දී වැඩි දුරටත් ඇය සඳහන් කළා ය.

ඔවුන් මෙම සංචාරය සඳහා පැමිණෙන්නේ එලිසබෙත් රැජිණගේ ප්ලැටිනම් ජුබිලිය වෙනුවෙන් පැමිණීමෙන් පසුව ය.


නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි