×

ජාත්‍යන්තර විලාසිතා ක්ෂේත්‍රය සොළවන ලංකාවේ කළු කොල්ලා

ඔහුගේ නම ජීනු මහ දේවන්. වයස අවුරුදු 22 යි.


ලන්ඩන්, පැරිස්, මිලාන්, නිව්යෝක්.. මේ හැම විලාසිතා අගනගරයකම ලංකාවේ සම්බන්ධයක් තිබෙන නෝර්වීජියානු කළු කොල්ලාට තිබනේනේ අති මහත් ඉල්ලුමක්. ඔහුට කළු සම ආභරණයක්. ඔහුගෙ නම Jeenu Mahadevan – ජීනු මහදේවන්. ලෝක පිරිමි විලාසිතා ක්ෂේත්‍රයේ අලුත්ම උමතුව ඔහු කියා කිව්වත් නිවැරදියි.

ජීනු මහදේවන් ජාත්‍යන්තර පිරිමි විලාසිතා ලෝකයේ කුමාරයෙක් වුණේ 2017 වසරේ පැරිස් විලාසිතා සතියෙන්. එදා පටන් ඔහුට අහස උසට ඉල්ලුමක් ඇති වෙන්න පටන් ගත්තා. ඒ වනවිට මහදේවන්ගේ වයස අවුරුදු 20 යි.

Versace, Givenchy Alexander McQueen සහ Burberry වගේ ‘විලාසිතා බලාගාර‘ ඔහු වෙනුවෙන්ම විලාසිතා නිර්මාණය කරන්න තරම් ඔහුගේ පෞරුෂය බලවත් එකක් වුණා.

මේ හැම දෙයක්ම පටන් ගත්තේ 2016 මාර්තු මාසයේ බසයක නැගී සාමාන්‍ය තරුණයෙක් විදිහට නෝර්වේ හි පිහිටි සිය නිවස බලා ගමන් කරමින් සිටින අතරවාරයේයි. එක්තරා කාන්තාවක් බස් නැවතුම් 3 ක් විතර පහුවෙනකල් ඔහු දිහා ඉතා උවමනාවෙන් බලා සිටින ආකාරය ඔහු දැක්කා. ඔහුට මේක මුලින් පෙනුණෙ විකාරයක් වගේ. මේ වෙද්දි මහදේවන්ගෙ හිතේ විලාසිතා නිරූපණ ශිල්පියෙක් වීමේ කිසිම ආසාවක් තිබුණෙ නෑ. ඔහුගෙ සිහිනය වුණේ පරිගණක ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න. නැතිනම් තාරකා භෞතික විද්‍යාව ඉගෙන ගන්න.

නමුත් ජාත්‍යන්තර විලාසිතා ලෝකය ඔහුව සාමාන්‍ය තරුණයෙක් විදිහට දැක්කෙ නැහැ.

‘‘සමහරු මට විහිළුකරල තියෙනවා මට ඉන්දියානු රජ කුමාරයෙක්ගෙ පෙනුම තියෙනව කියලා. ඒත් ඒක එහෙම නෙවෙයි කියල මට හොඳටම විශ්වාසයි..“ මහදේවන් එහෙම කියනවා.

Jeenu Mahadevan wears a black Mario Kart shirt during Mens Fashion Week in Paris. He says he is one of the few dark-skinned South Asian models in the fashion world
ප්‍රංශයේ පළවන වෝග් සඟරාව විසින් ජීනු මහදේවන්, විලාසිතා ලෝකයේ ‘නැගී එන තාරුකාව‘ ලෙස වරක් නම් කර තිබිණි. පැරිස් විලාසිතා සතියේදී මහදේවන්
GETTY IMAGES

අද වන විට ජීනු මහදේවන්, ජාත්‍යන්තර විලාසිතා ක්ෂේත්‍රයේ සිටින බොහොම අල්පයක් වන දකුණු ආසියාතිකයන්කිහිප දෙනාගෙන් එක් අයෙක්. ඔහු ශ්‍රී ලංකා නෝර්වීජියානුවෙක්. එනම් නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවර ඔහු උපදින්නේ ශ්‍රී ලාංකීය දෙමාපියන්ට දාව.

මේ වන විට ජීනු හැරුණු විට දකුණු ආසියාවෙන් ජාත්‍යන්තර විලාසිතා ලෝකයට ගිය අය ඉන්නේ කිහිප දෙනෙක් පමණයි. Neelam Gill සහ Lakshmi Menon ඒ අතර සිටිනවා.

‘‘මුලින් සුද්දො ගොඩයි, මං විතරයි. මට හරි අමුත්තක් දැනුණා. මාව මෙහෙට අයිති නැති බව දැනුණා..“ යැයි මහදේවන් කියනවා.

නමුත් ජීනු මහදේවන් ව වැඩිපුරම අධෛර්යමත් කරන්නේ සුදු ජාතිකයන්නොව, කළු සම ඇත්තන් විසින්ම බවත් ඔහු බීබීසී පුවත් සේවය සමග කියනවා. තමන්ගේම ආසියාතිකයන් තමන්ට නිසි පිළිගැනීමක් ලබාදීමට මැලි වන බව මහදේවන් කියනවා.

ආසියාතිකයන් ‘සුදු සම‘ ලබාගන්න උමතුවෙන් වගේ වැඩ කරන පිරිසක්. ඒ නිසාම, කාල වර්ණ හෝ තළ එළළු සමේ ලස්සන ඔවුන්ට පෙනෙන්නේ නැහැ. එතැනදී, තමන්ට උරුම සමේ පාටට වඩා තමන්ට පිටස්තර සුදු පාට සමක් ගැන ආසියාතිකයන් බෙහෙවින් වද වෙනවා. බොහෝ ඉන්දියානු මෝස්තර නිරූපණ ශිල්පීන් සහ බොලිවුඩ් නළුවන් සුදු සම ඇති අය. සමහරුන් කළු සම සුදු කරගන්න වෙළඳ දැන්වීම්වල පවා උජාරුවෙන් පෙනී සිටින අය.

Jeenu Mahadeven modelling for the Alexander McQueen menswear show as part of Paris Fashion Week in 2018
ජීනු මහදේවන් තමන්ගේ සමේ පැහැය ගැන ආඩම්බරයි. නමුත් තමන්ට වැඩිපුරම කෙණහිලි කම් කරන්නේ ආසියාතිකයන් බවත් ඔහු කියනවා. GETTY IMAGES

විදේශයන් වෙත සංක්‍රමණය වූ ආසියාතිකයනුත් සුදු සම උත්කර්ෂයට නංවන බව මහදේවන් දකිනවා. ‘‘නරකම ප්‍රතිචාර මට ලැබෙන්නේ ඉන්දියානුවන්ගෙන්. තද පාට සමක් ඇති අය විලාසිතා නිර්මාණ ක්ෂේත්‍රයේ සිටිය යුතු නැති බව ඔවුන් සිතනවා“ යැයි මහදේවන් කියනවා.

ශ්‍රී ලාංකිකයන් පවා ඔහුගේ වෘත්තීය තෝරාගැනීම ගැන එතරම් ප්‍රසාදයකින් නොසිටින බව ජීනු කියන්නේ බීබීසී පුවත් සේවය අමතමින්.

Jeenu Mahadevan in a purple jacket and gold chain, modelling at the Ermenegildo Zegna show at Milan Men's Fashion Week in June 2018
ජීනු මහදේවන් ඉතාලියේ මිලාන් නුවර Ermenegildo Zegna ප්‍රදර්ශනයේදී.
GETTY IMAGES

‘‘මා සිතන්නේ යුරෝපය මේ වන විට විලාසිතා සහ සුන්දරත්වය ගැන සිතන ආකාරය වෙනස් වෙලා. මට හොඳම ප්‍රතිචාර ලැබෙන්නේ යුරෝපියානුවන්ගෙන්“ යැයි ජීනු කියනවා. යුරෝපියානු සන්නාම ජීනු මහදේවන් පසුපස හඹා එන තත්වයක් මේ වන විට ඇති වී තිබෙනවා.

ඒ වගේම තමන් මෙන්ම විලාසිතා ක්ෂේත්‍රයට පිවිසෙන්නට සිහින මවන සාමාන්‍ය කළු සමැති තරුණයන්ගෙන් තමන්ට දිරිමත් කිරීමේ පණිවුඩ ලැබෙන බවත් ජීනු පවසනවා.

‘‘ආසියානු කළු-තළ එළළු සමට ජාත්‍යන්තර විලාසිතා ලෝකයේ විශාල ඉඩක් තිබෙනවා“ ජීනු මහදේවන් එසේ පවසන්නේ ආත්ම විශ්වාසයෙන් යුතුවයි.

‘‘ලෝකය වැඩි වැඩියෙන් දියුණු වෙත්ම විලාසිතා ක්ෂේත්‍රයේ වැඩි වැඩියෙන් ජන වර්ග නියේජනය වේවි. දැන් ඒ වාරය ඇවිත් තියෙන්නේ දකුණු ආසියාවටයි!“”



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි