×

දුගී ජන සුබ සාධනයට මෙක්සිකෝව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වත්කම් වෙන්දේසි කරයි

මෙවැනිම වෙන්දේසියක් පසුගිය මැයි මස අගදී පැවති අතර එහිදී දේශපාලකයන්, අපරාධකරුවන් ආදීන් භාවිත කළ වත්කම් විකිණීම සදහාද පැවැත්විණ


මෙක්සිකෝවේ දැවැන්ත මත් ද්‍රව්‍ය වෙළෙන්දන් සතුව තිබූ අති සුඛෝපභෝගී දේපළ ඊයේ මෙක්සිකෝ නගරයේදී වෙන්දේසි කෙරිණ.

ඒ රජය විසින් ඔවුන් සතුව තිබී රාජසන්තක කළ දේපළයි. පිහිනුම් තටාක, භූගත රහස් උමං දොරවල් ආදියෙන් යුක්ත නිවාස, මත් කුඩු වෙළදාම් සිදු වූ අති විශාල නිවාස සංකීරණ, අති විශාල ගොවිපල මෙසේ වෙන්දේසි කළ වත්කම් අතර වේ.

මෙක්සිකෝ ජනපති අන්ඩෘස් මැනුවේල් ලෝපේස් ඔබ්‍රාඩර් අවධාරණය කලේ මෙම වත්කම් විකිණිමෙන් ලැබෙන මුදල් සියල්ල මත්දුව්‍ය ජාවාරම් කරුවන් නිසා පීඩනයට පත් මෙන්ම අපරාධ කල්ලි හේතුවෙන් පීඩාවට පත් දුප්පත් පවුල් වල සුභසාධනයට යොමු කළ යුතු බවයි.

මෙම වත්කම් අතරින් සමහරක් පමණක් දැනට විකිණී ඇති අතර මෙක්සිකානු මාධ්‍ය අනාවරණය කරන පරිදි මෙක්සිකානු පේසෝ මිලියන 56.6ක ආදායමක් ලැබී ඇත.


මෙවැනිම වෙන්දේසියක් පසුගිය මැයි මස අගදී පැවති අතර එහිදී දේශපාලකයන්, අපරාධකරුවන් ආදීන් විසින් භාවිත කළ අති සුඛෝපභොගී ලැම්බෝගිනි ඇතුළු කාර් රථ මෙන්ම අභරණ හා සුපිරි නිවාස වෙන්දේසි කෙරිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි