×

මෙක්සිකෝවේ පළමු කුරුළු උණ මරණය වාර්තා වේ – WHO

එක්සත් ජාතීන්ගේ ඒජන්සිය බදාදා (05) පැවසුවේ මෙක්සිකෝවේ සාමාන්‍ය ජනතාවට කුරුළු උණ වෛරසය වැළඳීමේ අවදානම අඩු බවයි.


සටහන: සශිකලා මධුෂාණි, ජුනි 06,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : මෙක්සිකෝවේ H5N2 කුරුළු උණ ආසාධනය වීමෙන් පළමු මරණය වාර්තාව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිවේදනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, පුද්ගලයා ට මෙම වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න පැහැදිලි නොමැති මුත් මෙක්සිකෝවේ කුකුළු මස් වල A (H5N2) වෛරස් වාර්තා වී ඇති බවයි.

විද්‍යාඥයන් මේ වන විට කුරුළු උණ මිනිසුන් අතර වඩාත් පහසුවෙන් ව්‍යාප්ත වීමට අනුවර්තනය වන බවට සංඥා කළ හැකි වෛරසයේ වෙනස්කම් පිළිබඳව විවිධ පරීක්ෂණ කරමින් සිටින අතර එක්සත් ජාතීන්ගේ ඒජන්සිය බදාදා (05) පැවසුවේ මෙක්සිකෝවේ සාමාන්‍ය ජනතාවට කුරුළු උණ වෛරසය වැළඳීමේ අවදානම අඩු බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි