පසුගිය දා මෙක්සිකානු සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයක ඇති වූ ගින්නක් හේතුවෙන් සිරකරුවන් 39 දෙනෙකු මිය ගිය අතර මෙය සැළසුම් කරන ලද මිනීමැරුමක් ලෙස සැක පහල වීමත් සමඟ කරන ලද පරීක්ෂණ හේතුවෙන් සැක පිට නිලධාරීන් 8 දෙනෙකුට මිනීමැරුම් චෝදනා එල්ල කළ හැකි බව වාර්තා වේ.
වින්දිතයන් සියලු දෙනාම පිරිමින් වන අතර ගින්න පැතිරීමත් සමඟ සංක්‍රමණිකයන් සඳහා දොර විවෘත කිරීමට කිසිදු රාජ්‍ය සේවකයෙකු හෝ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තේ ඇයිද යන්න පිළිබඳව සැක පලවෙමින් ඇත.
සමාජ මාධ්‍ය හරහා සංසරණය වන කෙටි වීඩියෝවක දැක්වෙන්නේ දුමින් වැසීගිය කුටියක මිනිසුන් අගුලුදමා ඇති දොරකට පහර දෙන අයුරුය. එහිම නිල ඇඳුමින් සැරසුණු පුද්ගලයින් තිදෙනෙකු දොර විවෘත කිරීමට උත්සාහ නොකර පසුකර යන අයුරු දැකගත හැකිය. ඒ අනුව මෙය බරපතල අපරාධයක් බවත් ඔවුන්ට දැඩි දඬුවම් පැමිණ විය යුතු බවටත් බොහෝ දෙනා අදහස් දක්වමින් ඇත.
මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍ය රෝසා ඉසෙලා රොඩ්රිගුස් මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ, මරණවලට වගකිව යුතු ෆෙඩරල් නියෝජිතයින් දෙදෙනෙකු, රාජ්‍ය සංක්‍රමණ නිලධාරියෙකු සහ පුද්ගලික ආරක්ෂක ආයතනයක සාමාජිකයින් පස් දෙනෙකු නඩු පවරන්නන් විසින් හඳුනාගෙන ඇති බවයි.
සශිකලා මධුෂාණී_