×

මෙක්සිකෝවේ පිපුරුණු තෙල් නළයකින් තෙල් සොරකම් කළ 66 දනෛක් මරුට

මධ්‍යම මෙක්සිකෝවේ තෙල් කාන්දු වෙමින් තිබුණු තෙල් නළයක් පුපුරා යාම නිසා 66 දෙනෙකුට අධික සංඛ්‍යාවක් මේ වන විට මරුමුවට පත්ව ඇත.


විශ්වාස කෙරෙන්නේ නළයෙන් තෙල් කාන්දු වීමට හේතුව, තෙල් සොරකම් කරන්නන් විසින් තෙල් නළයට හානි සිදුකර තිබීම බවයි.

තෙල් විදීම ආරම්භ වූ මුල් පැය කිහිපයේදී ප්‍රදේශවාසීන් තෙල් එක්රැස් කර ගැනීම සඳහා තෙල් භාජන රැගෙන පෝලිමේ පැමිණෙන ආකාරය දැකගත හැකි විය.

පැය කිහිපයකට පසු එකවරම තෙල් නළය පුපුරා ගියේ, ඒ අවට සිටි පුද්ගලයන් ගිනි ජාලාවලින් වසා දමමිනි.

එම ස්ථානයේ මළ සිරුරු විසිරී තිබූ බව ද වාර්තා වේ.

මුලින් මරණ ගණන 21 ක් බව වාර්තා වුවත්, පසුව සඳහන් වූයේ මළ සිරුරු 70කට ආසන්න සංඛ්‍යාවක් සොයාගත් බව ය.

අනතුර සිදුවූ හිඩාල්ගෝ ජනපදයේ වැසියන් පවසන්නේ තෙල් නළ පළුදු කර මෙසේ ඉන්ධන ලබාගැනීම වරින් වර සිදුකරන්නේ රජය විසින් තමන්ට සරිලන ඉන්ධන සලාකයක් ලබානොදෙන නිසා බවයි.

huachicoleo යනුවෙන් මෙක්සිකානු වැසියන් අතර මෙම සොරකම් කිරීම ප්‍රචලිත ය.

REUTERS
REUTERS

මෙක්සිකානු රජය පවසන්නේ පසුගිය වසරේ පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 3 ක පාඩුවක් මෙම තෙල් සොරකම නිසා තමන්ට සිදුවූ බවයි.

මීට පෙර 2013 වසරේ සිදුවූ මෙයට සමාන අනතුරකින් පුද්ගලයන් 37 දෙනෙක් මරණයට පත් වූ අතර, 2012 වසරේදී ද මරණ 26 ක් වාර්තා විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි