×

සංක්‍රමණිකයන් 49 දෙනෙකුට මරු කැඳවමින් මෙක්සිකෝවේ සිදුවූ ට්‍රක් රථ අනතුර

මෙක්සිකෝවේ ට්‍රක් රථයක් පෙරළී යාම නිසා සංක්‍රමණිකයන් 49 දෙනෙක් මරුමුවට පත් ව තිබෙනවා.


58 දෙනෙක් පමණ අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මිය ගිය අතර, කාන්තාවන් මෙන්ම දරුවන් ද සිටින බව සඳහන්.

විශාල ට්‍රේලර් ට්‍රක් රථයකක් තුළ සංක්‍රමණිකයන් 100 දෙනෙක් පමණ ගාල් කර තිබූ බවටත්, ඔවුන් සියලු දෙනා මධ්‍යම ඇමරිකානු රටවල සරණාගතයන් බවත් වාර්ාත වෙනවා. ඔවුන්ගෙන් බහුතරය හොන්ඩියුරාස් රාජ්‍යයේ සිට පැමිණි අයයි.

අනතුර සිදුව තිබෙන්නේ චියාපාස් හි පාලමක් මතින් ගමන් කරන්නට යාමේදී රථය පැත්තකට බර වී පෙරළී යාම නිසයි.

චියාපාස්, ගෝතමාලා දේශසීමාවට ආසන්නයෙන් පිහිටා ඇති අතර, නීති විරෝධී සංක්‍රමණිකයන් වැඩි වශයෙන්ම ප්‍රවාහනය කරන මංසන්ධියක් චියාපාස් සැලකෙනවා.

අන්ත දුප්පත් කමේ සහ ප්‍රචණ්ඩත්වයේ ගිලී සිටින මධ්‍යම ඇමරිකානු රටවල සරණාගතයන් රැසක්, මෙක්සිකෝව හරහා මෙසේ පළා යන්නේ, කෙසේ හෝ ඇමරිකාවට ඇතුල් වීමේ බලාපොරොත්තුවෙන්.

ඒ සඳහා ඔවුන්ට තැරැව්කරුවන්ට මුදල් ගෙවීමට ද සිදුවෙනවා.

මෙක්සිකෝ ජනපති ඇන්ඩ්‍රියස් මැනුවෙල් ලෝපේස්, මෙම සිද්ධිය අතිශය වේදනාකාරී යැයි ට්විටර් හරහා ප්‍රකාශ කරනවා.

 

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි