×

කාර්යමණ්ඩලයේ LGBT තහනම සම්බන්ධයෙන් MI6 රහස් බුද්ධි සේවයේ ප්‍රධානී සමාව අයදී!

සීතල යුද්ධ හෙවත් Cold War සමයේදී සමලිංගික සබඳතා ජාතික ආරක්ෂාවට අවදානමක් බවත්, එකළ සමලිංගිකත්වය පිළිබඳව සමාජයේ පැවති ආකල්ප මත එය පුද්ගලයින් බිය ගන්වා තොරතුරු ලබා ගැනීමට මෙය යොදා ගත හැකි බවත් විශ්වාස කෙරිණි.


බ්රිතාන්යයේ රහස් බුද්ධි සේවය හෙවත් Secret Intelligence Service (MI6) LGBT අනන්යතාවයක් දරන කාර්යමණ්ඩල සාමාජිකයින් පිළිබඳව දැරි කෙනහිලිකාරී ප්රතිපත්තිය සම්බන්ධයෙන් එහි වත්මන් ප්රධානී රිචර්ඩ් මූර් විසින් ප්රසිද්ධියේ සමාව අයැද තිබේ.

බ්රිතාන්ය MI6 සංවිධානය බොහෝ කළක් දක්වා මත දැරූයේ තම කාර්යමණ්ඩලයේ LGBT අනන්යාතවක් දරන සාමාජිකයින් සිටීම රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි.

මෙම ප්රතිපත්තිය 1991 වර්ෂය දක්වාම MI6 රහස් ඔත්තු සංවිධානයේ ක්රියාත්මක වී තිබිණි.

එකල MI6 කාර්යමණ්ඩලයේ සමරිසි, ද්විරිසි, හෝ සංක්රාන්ති සමාජභාවී අනන්යතාවක් දැරූ සාමාජිකයකු වී නම් ඉතා අසාධාරණ සහ වෙනස්කොට සැලකීමේ ප්රතිපත්තියක් අනුගමනය කරමින් ඔවුන් රැකියාවෙන් නෙරපා දැමීමට එම සංවිධානය කටයුතු කර තිබිණි.

ඒ අනුව අතීතයේ සිදුවූ වැරදි යළි ආවර්ජනය කරමින් වත්මන් MI6 ප්රධානී මූර් විඩියෝපටයක් මුදා හරිමින් අවධාරණය කර තිබෙන්නේ ඉතා දක්ෂ, කැපවූ හා ජනතාවගේ සුභසිද්ධිය සඳහා කටයුතු කළ ඇතැම් නිලධාරීන් ඉතා අසාධාරණ අන්දමින් තනතුරු වලින් පහ කර දැමීමට තම සංවිධානය අතීතයේ කටයුතු කර ඇති බවයි.

සමරිසි මිනිසුන් හට රහස් බුද්ධි සේවයේ කටයුතු කළ නොහැකි යන මිත්යාව තුළ එල්බ ගෙන එකළ ආයතනික ව්යූහය ක්රියාත්මක වූ බවට හෙතෙම පෙන්වා දුන්නේය.

ඒ අනුව, MI6 රහස් බුද්ධි සේවය සිදුකළ මෙම බරපතල වරද සම්බන්ධයෙන් සිය කණගාටුව ප්රකාශ කළ මූර් ඒ වෙනුවෙන් ප්රසිද්ධියේ සමාව අයැද සිටියේය.

මෙම ප්රතිපත්තිය 1991 වර්ෂයෙන් අවසාන වූවද, ඒ ආශ්රිත සිදුවීම් දිගින් දිගටම වාර්තා වී තිබූ බවද මූර් සැල කළේය.

මෙම කෙනහිලිකාරී ප්රතිපත්තිය MI6 සේවය විසින් ඉවත් කර ගත්තද, එතැනින් මත්තට සේවයට බඳවා ගැනීම් වලදී තම ලිංගිකත්වය හෙලිදරව් නොකර සිටීම මත විවිධ වෙනස්කම් සිදුව ඇති බවත්, LGBT පුද්ගලයින් හට MI6 සංවිධානය ආරක්ෂිත නොමැති කලාපයක් ය යන හැඟීම ඇති වූ බවත් ඔහු අනාවරණය කළේය.

බ්රිතාන්යයේ සමලිංගිකත්වය නිර්සාපරාධීකරණය කරනු ලැබුවේ 1967 වර්ෂයේදීයි.

එහෙත් විසිපස් වසරකට ආසන්න කාලයක් මෙම හානිකර ප්රතිපත්තිය MI6 සංවිධානය විසින් ක්රියාත්මක කර තිබේ.

සීතල යුද්ධ හෙවත් Cold War සමයේදී සමලිංගික සබඳතා ජාතික ආරක්ෂාවට අවදානමක් බවත්, එකළ සමලිංගිකත්වය පිළිබඳව සමාජයේ පැවති ආකල්ප මත එය පුද්ගලයින් බිය ගන්වා තොරතුරු ලබා ගැනීමට මෙය යොදා ගත හැකි බවත් විශ්වාස කෙරිණි.

එල්ජීබීටී විරෝධී ප්රතිපත්තිය ක්රියාත්මක වූ සමයේ දී LGBT අනන්යතාවක් දැරි පුද්ගලයින් කොපමණ ප්රමාණයක් රැකියාවෙන් නෙරපා දැමුවේද යන්න MI6 සංවිධානයට වත් අනුමාන කිරීමට නොහැකි බව එම සංවිධානය දැන් පිළිගනී.

පනහ දශකයේදී මෙසේ සමලිංගිකත්වය මත රහස් ඔත්තු සංවිධාන සාමාජිකයින් රැකියාවෙන් නෙරපා දැමීම රැල්ලක් බවට පත්ව තිබිණි. බ්රිතාන්යය තුළ පමණක් මෙවන් රහස් ඔත්තු සංවිධාන 3ක් එම ප්රතිපත්තිය අනුගමනය කර තිබේ.

1952 වර්ෂයේදී යුධ කේත බිඳීම මඟින් තම රාජ්යයට සුවිසල් මෙහෙවරක් ඉටු කළ ඇලන් ටියුරින් නම් ශ්රේෂ්ඨ ගණිතඥයා සමරිසියකු බවට අධිකරණය ඉදිරියේ වරදකරු කිරීම සහ බ්රිතාන්යයේ රාජ්ය බුද්ධි සේවයක් වන GCHQ හි ඔහුගේ සාමාජිකත්වය අහෝසි කිරීම සමඟ මේ පිළිබඳ කතිකාව වඩාත් දරුණු වන්නට විය.

ලිංගිකත්වය තම මාතෘභූමියට සේවය කිරීමට බාධාවක් වන්නේ කෙසේද යන්න මානව හිමිකම් ක්රියාකාරීහු තර්ක කළහ.

Bridge to Equality



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි