×

චීනයේ ණය උගුල්, දත්ත උගුල් වලින් ප්‍රවේශම් වන්න – MI6 ප්‍රධානීගෙන් අනතුරු ඇඟවීමක්!

ලොව පුරා පවතින දත්ත අවශෝෂණය කර ගැනීමේ හැකියාව චීනය සතු බවට පෙන්වා දෙන මූර් මහතා අවධාරණය කරන්නේ, එවන් පසුබිමක් තුළ මුදලින් පිළිතුරු සොයන චීනය මිනිසා ණයකරුවකු කිරීමට රුසියකු බවයි.


චීනයේ ණය උගුල් හා දත්ත උගුල් වලින් ප්‍රවේශම් විය යුතු බවට බ්‍රිතාන්‍යයේ රහස්‍ය බුද්ධි තොරතුරු සේවාව වන MI6 හි ප්‍රධානී රිචර්ඩ් මූර් මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ බීබීසී පුවත් සේවයට අදහස් දක්වමිනි.

චීනයේ මෙම ණය උගුල් හා දත්ත උගුල් නිසා රාජ්‍යයන් වල පවතින ස්වෛරීභාවය පළුදු කිරීමට තුඩුදෙන බවත්, ආරක්ෂක විධිවිධාන අඩපණ විය හැකි බවත් ඒ මහතා බීබීසී පුවත් සේවය වෙත පැවසීය.

ලොව පුරා පවතින දත්ත අවශෝෂණය කර ගැනීමේ හැකියාව චීනය සතු බවට පෙන්වා දෙන මූර් මහතා අවධාරණය කරන්නේ, එවන් පසුබිමක් තුළ මුදලින් පිළිතුරු සොයන චීනය මිනිසා ණයකරුවකු කිරීමට රුසියකු බවයි.

බීජිං නුවර අනුගමනය කරනු ලබන ආර්ථික වැඩපිළිවෙල රටවල් මෙසේ ණය උගුලක සිරකිරීම සඳහා භාවිතා කරන මෙවලම බව ද ඒ මහතා පෙන්වා දෙයි.

‘දත්ත උගුල’ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කරමින් මූර් මහතා පෙන්වා දුන්නේ යම් රාජ්‍යයක් තම සමාජයේ වඩාත් තීරණාත්මක දත්ත ඇතුළත් පද්ධතියකට ප්‍රවේශ වීමට වෙනත් රාජ්‍යයකට අවසර ලබාදුන් විට එම රාජ්‍යයේ පවතින ස්වෛරීභාවය පළුදු වීමට තුඩුදිය හැකි බවත්, එය ආරක්ෂාවට ද තර්ජනයක් විය හැකි බවත් ය.

මෙමඟින් තමා සතුවූ දත්ත තමාගේ පාලනයෙන් ක්‍රමක්‍රමයෙන් ගිලිහී යන බව පෙන්වා දුන් මූර් මහතා යෝජනා කර සිටියේ විවිධ අභියෝග වලට මුහුණ දෙමින් සිටින රාජ්‍ය වෙත උපකාර කිරීමේ පොරොන්දුව මත පැමිණෙන චීනය විසින් සිදුකරනු ලබන්නේ ද එයම බවයි.

එමෙන්ම, කුමන අභියෝගයක් පැමිණය ද, එක්සත් රාජධානිය මෙම ආක්‍රමණයට විරුද්ධව තදින්ම ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද හෙතෙම අවධාරණය කළේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි