×

ප්‍රකෝටිපති මයික් බ්ලූම්බර්ග්ගේ රාත්‍රී භොජන සංග්‍රහයකදී බෝජෝ නා ගනියි

ජොන්සන් විසින් කරන ලද කතාවක් හේතුවෙන් මයික් බ්ලූම්බර්ග්ට පැමිණ සිටි සියලු දෙනාගෙන් සමාව ගැනීමට සිදු වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.


පසුගිය දා සිංගප්පූරුවේ පැවති ප්‍රමුඛතම Bloomberg New Economy Forumහි ප්‍රකෝටිපති මූල්‍යකරු මයික් බ්ලූම්බර්ග් තරු පහේ ෆුලර්ටන් බේ හෝටලයේ දී රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීය. ඒ වෙනුවෙන් ආසියානු ව්‍යාපාරිකයින්, ආයෝජකයින් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් 500 ක් පමණ සහභාගී වූ අතර එක්සත් රාජධානියේ හිටපු අගමැති ‌බොරිස් ජොන්සන් ද ආරාධනා ලැබීය.


මෙහිදී ජොන්සන් විසින් කරන ලද කතාවක් හේතුවෙන් මයික් බ්ලූම්බර්ග්ට පැමිණ සිටි සියලු දෙනාගෙන් සමාව ගැනීමට සිදු වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.


එනම්, බීජිංහි තායිවාන පාලනය, මානව හිමිකම් උල්ලංඝණය මෙන්ම, චීනය රුසියාවට සමීප වීම ජොන්සන් විසින් අඳුන්වනු ලැබුවේ බලහත්කාරී ඒකාධිපතිත්වයක් හා අත්තනෝමතිකත්වයක් වශයෙනි.

මෙම දැඩි ප්‍රකාශයන් සම්බන්ධයෙන් බොහෝ දෙනා අප්‍රසාදයට ලක්වූ අතර ආසියාතික රටවල් බහුතරයක් ශක්තිමත් ආර්ථික හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා බෙදාහදා ගෑනීම වෙනුවෙන් චීනය කෙරෙහි වඩාත් හිතකර ලෙස නැඹුරු වීමයි.

කෙසේ නමුත් ‌බෝජෝගේ මෙම ප්‍රකාශයන්ගෙන් අනතුරව ප්‍රකෝටිපති මයික් බ්ලූම්බර්ට පැමිණි ආරාධිතයන්ගෙන් පෞද්ගලිකවම සමාව ගැනීමට සිදු වූ අතර ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබුණේ, ජොන්සන් විසින් කරන ලද කතාව ඔහුගේ සිතුවිලි සහ ඔහුගේ සිතුවිලි පමණක් වන අතර, ඒවා කිසිවක් සල්තියා සාකච්ඡා කළ හෝ මා සමඟ පෞද්ගලිකව බෙදා නොගත් ඒවා බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි