×

සුඩාන හමුදාව බලය අල්ලයි – හමුදා පාලනය නැවත ඇරඹෙයි

සුඩානයේ බලය මේ වන විට එරට හමුදාව විසින් අල්ලාගෙන තිබේ.


ඒ, රට තුළ හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කරමිනි.

හමුදාව විසින් බලය අල්ලාගැනීමත් සමග රට තුළ සිවිල් උද්ඝෝෂණ ඉහළ ගිය අතර, ඒවා හමුදා බලය යොදවා මර්දනය කෙරේ.

සුඩාන වෛද්‍යවරුන්ගේ මධ්‍යම කමිටුව නිල වශයෙන් කියා තිබෙන්නේ මේ දක්වා හටගත් ප්‍රචණ්ඩතාවලදී පුද්ගලයන් 3 දෙනෙක් මිය ගොස් 80කට අධික පිරිසක් තුවාළ ලබා ඇති බවයි. හමුදා වෙඩි තැබීම්වලින් ඔවුන් මිය ගොස් තිබේ.

සුඩාන අගමැති හැම්ඩොක් ගේ තොරතුරු කිසිවක් මේ වන විට වාර්තා නොවේ.

මේ අතර, සුඩාන පාලනයේ නායකයා ලෙස දැනට සැලකෙන ජෙනරාල් අබ්දෙල් ෆාටා අල්-බුර්හාන් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙන්නේ සංක්‍රාන්ති ආණ්ඩුව විසුරුවා හැරි බවයි.

මේ අනුව, වසර දෙකකට පෙර ඒකාධිපති හමුදා පාලක ඕමාර් අල් බෂීර් බලයෙන් පහ කරමින් ඇරඹි සුඩානයේ ප්‍රජාතන්ත්‍රවාදයේ විප්ලවය, හමුදා කුමන්ත්‍රණය සාර්ථක වීමත් සමග විරාමයක් ගනියි.

පෙර ලිපි

සුඩානය නොසන්සුන් : අගමැති ඇතුළු සිවිල් නායකයන් රැසක් හමුදා අත්අඩංගුවට

‘විප්ලවය රැක ගන්න‘: නිවාස අඩස්සියේ සිටින සුඩාන අගමැතිගෙන් ආයාචනයක්

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි