×

මාවෝ පිළිවෙත් මතකයට නංවමින් මිලියන ගණනක් චීන තරුණ තරුණියන් නගරයෙන් ගමට!

තරුණයන්ගේ හැකියාවන් දියුණු කිරීම, සභ්‍යත්වය ඇති කිරීම සහ විද්‍යාව සහ තාක්ෂණය ඉහළ නැංවීම එහි අරමුණයි


චීනය තරුණයන් මිලියන 10ක් නගරයේ සිට ගමට යවන්නට සූදානම් වෙයි . ස්වේච්ඡාවෙන් මේ සදහා ඉදිරිපත් වන තරුණයින් මෙසේ ගම් කර යවන්නට එරට රජය තීරණය කිරීමත් සමග මීට වසර 50කට පෙර එරට ඇතිවූ මාවෝ මතධාරී විප්ලවය වැන්නක් නැවත ඇති වනු ඇතැයි අදහස් පල වෙමින් පවතී

එරට කොමියුනිස්ට් තරුණ ලීගය විසින් පොරොන්දු වී ඇති පරිදි එරට ග්‍රාමීය පළාත් වලට 2022 වන විට තරුණයන් මිලියන 10ක් දෙනා පිටත් කරනු ඇත. ඒ තරුණයන්ගේ හැකියාවන් දියුණු කිරීම, සභ්‍යත්වය ඇති කිරීම සහ විද්‍යාව සහ තාක්ෂණය ඉහළ නැංවීමේ අදහසිනි.

මේ අනුව විප්ලව සමයේ පීඩනයට පත් වූ ග්‍රාමීය ප්‍රදේශ කෙරෙහි මෙහිදී වැඩි අවධානය යොමු වනු ඇත. චීනය විසින් භාවිත කරන සමාජ මාධ්‍ය ජාලයන් වන වෙයිබෝ ඔස්සේ 1966- 76 වසර තුළ චීනයේ සිදු වූ සංස්කෘතිකමය විප්ලවයන් පිළිබදව නැවතත් ප්‍රබෝධමත් කතිකාවන් සිදු වෙමින් පවතී, මීට වසර 50කට පෙර සිදු වූ විප්ලවයේදී ද මෙවැනිම ලෙස තරුණයන් ග්‍රාමීය පෙදෙස් කරා පිටක් කර යවනු ලැබීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි