×

කොරෝනා වෛරස් අධි අවදානම මැද ඇමරිකානුවන් මිලියන ගණනක් ‘ස්තූති ප්‍රශංසා‘ දිනය සඳහා ගමරට බලා ගිහින්!

දිනකට එක්සත් ජනපදයේ කොරෝනාවෛරස් ආසාදිතයන් ගණන ලක්ෂයකට වැඩියෙන් වාර්තා වෙමින් පවතින අතරවාරයේ ‘තෑන්ක්ස්ගිවින් ඩේ‘ හෙවත් ‘ස්තූති ප්‍රශංසා දිනය‘ වෙනුවෙන් ඒ සියල්ල අමතක කර ලක්ෂ ගණනක් සිය ගම්බිම් බලා යන ආකාරය දැකගත හැකි විය.


පසුගිය බ්‍රහස්පතින්දා මාර්ගෝපදේශනයක් නිකුත් කරමින් එක්සත් ජනපද රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානය ඇමරිකානුවන්ට ස්තූති ප්‍රශංසා දිනය ට ගමනාගමනයේ නොයෙදෙන ලෙස උනන්දු කර තිබිණි. එහෙත් මිලියන ගණනක් ජනතාව ඉදිරියේ එන්නට නියමිත නිවාඩු සතිය නිමිත්තෙන් ගමනාගමනයේ නිරත වන්නට සැලැසුම් කර තිබිණි.

පසුගිය සිකුරාදා එක්සත් ජනපද ගුවන්තොටුපළ ආරක්ෂණ පිරික්සුම් ස්ථානවලදී පිරික්සුමට ලක්වූ සංචාරකයන් ගණන මිලියනය ඉක්මවා ගියේ ය. මෙය මාර්තු මාසයේ සිට එසේ වූ දෙවන වතාව බවට ගමනාගමන ආරක්ෂණ පරිපාලනයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි

කොවිඩ් 19 ආසාදිතයන් වැඩිවන අවස්ථාවක, වැඩිමහලු ඇමරිකානුවන් විශාල ප්‍රමාණයක් තම ගමරට බලා යනවා ද අවසාන මොහොතේ ගමනාගමන සැලැසුම් කටුගා දමනවා ද යන උභතෝකෝටිකයට මුහුණ පා සිටියහ.

ඔරිගන්හි පෝට්‍ලන්ඩ් නගරයේ වෙසෙන විශාමික මහජන සෞඛ්‍ය හෙදියක වන ගේල් ඩුයිලියෝ නිවාඩුවට සහ ඇගේ මව ගේ අනූතුන්වන උපන්දිනයට මිනෙසොටාවට යන්නට සිටි ගමන අතහැර දමා තිබේ.

“මසකට පෙර මීට සූදානම් වත් දී, මට යා හැකි වනු ඇතැයි සිතුණා,” ඇය CNN වෙත කියා සිටියා ය. මේ සතිය වන විට යාමේ අනතුර වැඩි යැයි ඇයට හැඟී ගියේ ය.

ගමනාගමන ආයතනයක් වන AAA මෙවර ස්තූති ප්‍රශංසා දිනයේ දී අවම වශයෙන් සංචාරකයන් ගේ 10%ක අඩුවක් බලාපොරොත්තු වන බව කියා තිබේ. මීට හේතුව ලෙස, කොරෝනාවෛරසයේ පැතිර යාම, වෙනස් වී ඇති ගමනාගමන බාධා සහ සෞඛ්‍ය සහ රාජ්‍ය නිලධාරීන් ගමනාගමනය අවම කරන්නට උනන්දු කරවීම් පෙන්වා දී තිබේ.

AAA පුරෝකතනය කරන අන්දමට සංචාරකයන් මිලියන 48ක් ඔවුන් ගේ පර්‍යන්ත බලා රිය මගින් යනු ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 4.3%ක අඩුවීමකි.

ගුවන් ගමන් පසුගිය වසරට සාපේක්ෂව 48%ක පමණ අඩුවක් දකිනු ඇතැයි ද බලාපොරොත්තු වනු ලැබේ. මේ අතර ගුවන් ගමන් නිලධාරීන් මේ නිවාඩුව තුළ, සංචාරකයන් ගෝලීය වසංගත සමයේ සංචාරක වාර්තාවක් පිහිටවනු ඇතැයි ද සිතති.

කෙසේ නමුත් මේ සියලු අවදානම් මධ්‍යයේ ඇමරිකාව අද දිනයේ ස්තූති ප්‍රශංසා දිනය සමරයි.

CNN – Millions traveling for Thanksgiving despite surging Covid-19 cases

Main Phot: CNN



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි