×

මීනා මන්ගල් – කාබුල් නුවරදී මහදවල් වෙඩි තබා මරා දැමූ තවත් ගැහැණියක්

මීනා මංගල් වැනිම තවත් කාන්තාවන් බොහොමයක් වසර ගණනාවක් තිස්සේ ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර වීථි තුළ වෙඩි තබා මරා දමා ඇති අවස්ථා මින් පෙරද වාර්ථා විය.


පසු ගිය දා ඇෆ්ගනිස්ථානයේ කාබුල් හීදී ජනමාධ්‍යවේදිනියක වූ මීනා මන්ගල් ඝාතනය කෙරිණි. සුප්‍රසිද්ධ ජනමාධ්‍ය වේදිනියක මෙන්ම පාර්ලිමේන්තු උපදේශකවරියකද වූ ඇය එරට දේශ පාලන ක්‍රියාකාරිනියක වන්නට පෙර එරට සුප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක නිවේදිකාවක ලෙස සේවය කර ඇත. පසු ගිය ඉරිදා ඇයව ඝාතනයට ලක් වූ අතර තවමත් එය සිදු කලේ කවුරුන් විසින්දැයි යන්න අනාවරණය වී නැත. ඝාතනය කරන්නට පෙර දින ඇය විසින් ෆේස්බුක් සටහනක් තබමින් පවසා ඇත්තේ ඇගේ ජීවිතය අනතුරේ ඇති බවත් තමන් දෙවියන්ව විශ්වාස කරන බවත්ය.

ඇඵ්ගනිස්ථානයේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම අධ්‍යාපනය වෙනුවෙන්ද කැප වී කටයුතු කර ඇති මීනා එරට දේශපාලන ක්‍රියාකාරිනියකව කටයුතු කිරීම ආරම්භ කිරීමත් සමග ඇයට ජීවිතය අහිමි වී ගොස් ඇත.

මේ වන විට ඇගේ ජීවිතය අහිමි කිරීමට සිය විරෝධතාව දක්වමින් ඇෆ්ගනිස්ථානයේ අග නුවරට මානවහිමිකම් සහ කාන්තා අයිතීන් පිළිබදව ක්‍රියාකාරීන් එක් රැස් වී ඇත. ඔවුන් ඉල්ලා සිටින්නේ මීනා මංගල් ඝාතනයේ වගකිව යුත්තන් සොයා ගැනීම පිළිබද ඉතා ඉත්මන් සහ දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසයි.

මීනා මංගල් වැනිම තවත් කාන්තාවන් බොහොමයක් වසර ගණනාවක් තිස්සේ ඇෆ්ගනිස්ථනයේ කාබුල් නුවර වීථි තුළ වෙඩි තබා මර දමා ඇති අවස්ථා මින් පෙරද වාර්ථා විය.

මේ සම්බන්ධව එරට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන වස්මා ෆ්‍රොග් පවසන්නේ ” ඇඵ්ගනිස්ථානය තුළ කාන්තාවන් මහ දවාලේ මරා දමන බවත් එසේ සිදුවන්නේ පිරිමින් විසින් ඇයට මරණය උරුම යැයි සිතීම නිසා බවත් ” යන්නයි.

එසේ මහ මග මර දැමුණ කාන්තාවන් අතර #Farkhunda නැමති කාන්තාව මහ මග ගිනි තබා මර දැමූ අතර #BabyMahsa පැහැරනෙ ගොස් දූෂණය කර මර දමන ලදී, #BibiAyesha ගේ නාසය කපා දැමන ලද අතර #MinaMangal මරා දැමුනේ නව වතාවක් ඇගේ හිසට වෙඩි ප්‍රහාර එල්ල කරමිනි. මේ සියලු ඝාතන ඇප්ගනිස්ථානයේ අග නගරය වන කාබුල් හීදී සිදුව ඇති අතර සියල්ල සිදුව ඇත්තේ මහ දහවල්ය.
එමෙන්ම පසුගිය වසර කිහිපය තුළ ඇෆ්ගනිස්ථානය තුළ ජනමාධ්‍යවේදීන්ද රැසක් ඝාතනය කෙරිණි. 2018 වසරේ පමණක් ඝාතනය වූ ජනමාධ්‍යවේදීන් ප්‍රමාණය 13කි. 1994 සිට 2018 කාලය තුළ මරා දැමුණ ජනමාධ්‍යවේදීන් සංඛ්‍යාව 48 කි.

මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් අහිමි කිරීම යනු මනුෂ්‍යත්වයට අභියෝග කිරීමයි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි