×

බ්‍රසීලයේ පතලක වේල්ලක් බිඳී යෑමෙන් ජීවිත හානි.

වේල්ල බිදී යාමත් සමග විෂ සහිත යකඩ අපද්‍රව්‍ය මිශ්‍ර ජලය එම ප්‍රදේශයේ ගම්මාන රැසකට පැතිර ගොස් ඇති බවද වාර්තා වේ.


බ්‍රසීලයේ වේල්ලක් කැඩීයෑම හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී 200 දෙනෙකු පමණ අකුරුදන් වී ඇති බව වාර්ථා වේ.

බ්‍රසීලයේ යපස් පතලක් ආශිත්‍රව පිහිටා ඇති මෙම බැම්ම කැඩී යෑමට හේතුව අධික ගංවතුර තත්ත්වයයි.

මේ ආශ්‍රිතව පිහිටා තිබූ නිවාස ඇතුළු ගොඩ නැගිලිද රැසක් බිදී ගොස් ඇති අතර යපස් ආකරය පවත්වා ගෙන ගිය ආයතන කළමනාකාරීත්ව පවසන්නේ වේල්ල බිදී යන අවස්ථාවේ එහි පුද්ගලයින් 427 දෙනෙකු සේවය කරමින් සිටි බවත් ඉන් 279 දෙනෙකු බේරා ගැනීමට සමත්වූ අතර 150 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්ය.
වේල්ල බිදී යාමත් සමග විෂ සහිත යකඩ අපද්‍රව්‍ය මිශ්‍ර ජලය එම ප්‍රදේශයේ ගම්මාන රැසකට පැතිර ගොස් ඇති බවද වාර්තා වේ.

මෙහෙයුම් අංශ හෙලිකොප්ටර් යානා මගින් ජනතාව මුදා ගැනිමේ කටයුතු සිදු කෙරෙන අතර 100කට වැඩි මෙහෙයුම් නිළධාරීන් ප්‍රමාණයක් මෙහෙයුම් කටයුතු ව නිරත වෙමින් සිටී. එමෙන්ම අනතුරෙන් සිදු වූ මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවට අනුමාන කෙරේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි