×

තුර්කියේ ගල් අඟුරු පතලක පිපිරීමක් හේතුවෙන් පුද්ගලයන් 25 දෙනෙකු මරුට

පිපිරීම ගල් අඟුරු ආකරවල දැවෙන ෆයර්ඩම්ප් හේතුවෙන් සිදු වන්න්ට ඇති බව තුර්කියේ බලශක්ති අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර ඇත.


උතුරු තුර්කියේ කළු මුහුදේ වෙරළබඩ රජයට අයත් TTK Amasra Muessese Mudurlugu නම් ගල් අඟුරු පතලක ඇති වූ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයන් 25 දෙනෙකු මිය ගොස් 8 දෙනෙකෙු බරපතල තුවාල ලබා ඇති බව තුර්කි බලධාරීන් නිවේදනය කර තිබේ.

පිපිරීම සිදුවන අවස්ථාවේ පතල තුළ පුද්ගලයින් 110 දෙනෙකු සිට ඇති අතර ගලවා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතියි. අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සුලෙයිමාන් සොයිලු වාර්තා කරුවන්ට පවසා තිබුණේ සේවකයන් 49 දෙනෙකු වැඩි අවදානම් ප්‍රදේශයක සිරවී ඇති බවයි.


මෙම පිපිරීම ගල් අඟුරු ආකරවල දැවෙන ෆයර්ඩම්ප් හේතුවෙන් සිදු වන්න්ට ඇති බව තුර්කියේ බලශක්ති අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර ඇති අතර, තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan ට්විටර්හි සඳහන් කර තිබුණේ තමාගේ අනෙකුත් සියලු කටයුතු අවලංගු කර සෙනසුරාදා අනතුර සිදුවූ ස්ථානයට පියාසර කරන බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි