×

ලෙබනන් විරෝධතා මැද අමාත්‍යවරු ඉල්ලා අස් වෙති

.


බදු ඉහළ දැමීම සදහා ලෙබනන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාවත් සමග ලෙබනන් වැසියන් දස දහස් ගණනක් වීදි බසින ලදී. බදු ප්‍රතිපත්තිය හකුලා ගන්නා ලෙසත් රජයේ දූෂණ වලට එරෙහිවත් ආරම්භ කළ විරොධතාවන් හී තෙවන දවසේදී ලෙබනන් ක්‍රිස්ටියන් පක්ෂය නිවේදනය කලේ තමන් රජය අත් හරින බවයි.

පසුගිය සෙනසුරාදා ලෙබනන් වැසියන් ලෙබනනයේ වීදි පුරා උද්ඝෝෂණ පැවැත්වීම ආරම්භ කිරීමත් සමග ලෙබනන් හමුදා පක්ෂයේ නායක සමීර් ජියාජියා අද සිය පක්ෂය නියෝජනය කළ අමාත්‍යවරුන් සිව්දෙනෙකුගෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටි බව එරට මාධ්‍ය  වාර්තා කරයි.

විරෝධතා හමුවේ සමීර් ජියාජියා පවසන්නේ අගමැතිවරයාගේ රජය තව දුරටත් තත්ත්වය පාලනය කර ගැනිමට අසමත් වී ඇති බවයි.

මේ අතර පසුගියදා විරෝධතා ආරාම්භ වීමත් සමග රජය විසින් නියම කළ වට්ස් ඇප් භාවිතය සහ අනෙකුත් සමාජ මාධ්‍ය සම්බන්ධව පැනවූ බද්ධ  ඉල්ලා අස්කර ගන්නා ලදී.

ජීවන වියදම මෙන්ම දුර්වල යටිතල පහසුකම් දක්වා වූ දුක්ගැනවිලි උපුටා දක්වමින් පෙළපාලිකරුවන් ලෙබනනයේ දේශපාලන ක්‍රමය පුළුල් ලෙස වෙනස් කරන ලෙස ඉල්ලා සිටින ලදී.

“මේ රට මුළුමනින්ම බිඳවැටීමක් කරා ගමන් කරමින් සිටියි. මෙම තන්ත්‍රය ලෙබනනයට නායකත්වය දීමට අපොහොසත් වී ඇති අතර එය පෙරළා දමා එය ප්‍රතිස්ථාපනය කළ යුතුය” යනුවෙන් රැකියා විරහිත 32 හැවිරිදි මොහොමඩ් අවාඩා අල්ජසීරා පුවත් සේවය වෙත සිය අදහස් ඉදිරිපත් කර තිබිණ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි