×

71 වැනි විශ්ව රූ රැජින ආර්බොනි ගේබ්‍රියෙල්…

දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත් තෙවැනි ස්ථානය ඩොමිනිකන් ජනරජයටත්


මෙවර 71 වැනි විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳුවේ අමෙරිකාවේ ආර්බොනි ගේබ්‍රියෙල් ය.

දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත් තෙවැනි ස්ථානය ඩොමිනිකන් ජනරජයටත් හිමිවුණි. ආර්බොනි ගේබ්‍රියෙල්, ටෙක්සාස් හි විලාසිතා නිර්මාණ කටයුතු, නිරූපිකාවක් සහ මැහුම් උපදේශකවරියක් ලෙසද කටයුතු කරයි. එසේම ඇය පාසල් කාලයේ දී වොලිබෝල් ක්‍රීඩිකාවක් ලෙසින් කටයුතු කර ඇති අතර උතුරු ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියෙකි.

මෙවර විශ්ව රූ රැජින කිරුළු පලන් අමෙරිකානු රූප රාජිණිය උපතින් පිලිපීන ජාතික තරුණියකි. ඒ අනුව විශ්ව රූ රැජින ලෙස කිරුළු ජයග්‍රහණය කළ පළමු පිලිපීන අමෙරිකානුවා බවට ද ඇය පත්වේ.

රෂිකා හෙන්නායක



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි