×

CAA පනත භාරතය ලෙයින් තෙත්කරද්දී මෝදී ජනතාව අමතයි!

පසුගිය දින 10ක පමණ කාලය තුළ ඉන්දියාවේ ප්‍රාන්ත 10 ක ඇවිලී ගිය විරෝධතාවලින් 20කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.


පුරවැසි පනතට එරෙහිව භාරතය පුරා උද්ඝෝෂණ ඇවිලී ඇති මොහොතක අගමැති නරේන්ද්‍ර මෝදී දිල්ලි නුවරදී ජනතාව අමතා තිබුණි. අගමැතිවරයා සඳහන් කරන්නේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නව පුරවැසි පනත හරහා ඉන්දියාවේ සිටින මුස්ලිම්වරු ඇතුළු ජනතාවට බලපෑමක් ඇති නොවන බවයි.

අගමැතිවරයා පෙන්වාදෙන්නේ විපක්ෂය විසින් මෙම විරෝධතා අවුළුවමින් සිටින බවයි.

අසත්‍ය කාරණා පතුරුවා හරිමින් සහ ප්‍රචණ්ඩත්වයට අනුබල දෙමින් සමාජය රැවටිල්ලකට ලක් කිරීමට විපක්ෂය කටයුතු කරමින් හිඳින බවයි අගමැති මෝදී චෝදනා කරන්නේ.

කෙසේවෙතත් ඉන්දියාව වෙසෙන මුස්ලිම්වරු භීතියට පත්ව ඇත්තේ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා අවශ්‍ය ලියකියවිලි ප්‍රමාණවත් නොවේවි යන සැකය හේතුවෙන් බවද වාර්තා වෙයි.

පසුගිය දින 10ක පමණ කාලය තුළ ඉන්දියාවේ ප්‍රාන්ත 10 ක ඇවිලී ගිය විරෝධතාවලින් 20කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.

තවදුරටත් වීදියේ විරෝධතා පැවැත්වෙන අතර එම විරෝධතා පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා තිබූ අතර අන්තර්ජාල පහසුකම්ද අත්හිටුවා තිබුණි. එහෙත් ඒ සියල්ල අභිබවමින් ජනතා උද්ඝෝෂණ වර්ධනය වූ අතර වැඩිවශයෙන් තරුණ දායකත්වය ලැබී තිබුණු බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මේ අතර විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බව ද සඳහන්.

විරෝධතාකරුවන් පෙන්වාදෙන්නේ පනතට අනුව ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය සහ පකිස්ථානය යන රටවල්වලට අයත් මුස්ලිම් නොවන සංක්‍රමණිකයන්ට පුරවැසිභාවය වෙනුවෙන් ඉල්ලීම කළ හැකි නමුත් මුස්ලිම් ජාතිකයන්ට එම ඉඩ අහුරා තිබෙන බවයි.

අෂිකා බ්‍රහ්මණ – ලංකා නිව්ස් වෙබ් වෙතින්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි