×

පෙන්ටගනයේ ප්‍රධානී සහ ඉන්දීය අගමැති මෝදි අතර හමුවක්

පෙන්ටගනයේ ප්‍රධානී ලොයිඩ් ඔස්ටින් පසුගිය සෙනසුරාදා නවදිල්ලියේදී ඉන්දීය අගමැති මෝදි මුන ගැසී සාකච්ඡා පැවැත්වූ අතර “දේශපාලනික සමාන අදහස් ඇති හවුල්කරුවන්” සමඟ ඉන්දියාව සිය වර්ධනය වන සබඳතා පැවත්වා ගැනිම පිළිබඳව පැසසුමට ලක් කළේය.


ඔස්ටින් සිකුරාදා නවදිල්ලියට පැමිණ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් සමඟ සාකච්ඡා පවත් වන්නට විය.

ඉන්දියාව ආසියා-පැසිෆික් කලාපයේ වැදගත් එක්සත් ජනපද හවුල්කරුවෙකු වන අතර ඔස්ටින්ගේ දෙදින සංචාරය ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය සමඟ සිදු වූ ප්‍රභල සංසිද්ධියකි.

නිදහස් හා විවෘත කලාපීය පිළිවෙලක් ප්‍රවර්ධනය කිරීම සඳහා දෙපාර්ශවයම තම කැපවීම මෙහිදි යළිත් තහවුරු කරන්නට විය.

දෙපාර්ශවයම කලාපය මුහුණ දෙන හවුල් අභියෝග පිළිබඳ ඉදිරි කටයුතු හුවමාරු කරගත් අතර ඔවුන්ගේ පුළුල් හා ශක්තිමත් ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවී ක්‍රියා කිරිමට ඇමරිකාව සහ ඉන්දියාව එකඟතාවය පළකරන්නට විය.

US Defense Secretary Lloyd Austin (L) inspects the guard of honor in New Delhi on March 20, 2021. (Photo by Money SHARMA / AFP)

ඉන්දියාවට පෙර ඔස්ටින් සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ජපානයේ සහ දකුණු කොරියාවේ සංචාරය කළ අතර එය කලාපයේ තවත් වැදගත් හවුල්කරුවන් දෙදෙනෙකු මෙන්ම චීන ප්‍රතිවිරෝධින් වූ රටවල් ද්විත්වයක් සමඟ වූ සාකච්ඡාවකි.

ඉන්දියාවේ සන්නද්ධ හමුදා නවීකරණය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 250 ක් යටතේ එක්සත් ජනපද ආරක්ෂක සමාගම් කිහිපයක් හෙලිකොප්ටර් ඇතුළු මිලිටරි උපාංග සැපයීම සඳහා ඩොලර් බිලියන ගණනක ගනුදෙනු සිදු කර තිබූනේ මීට පෙර අවස්ථාවකයි.

එවැනි වටපිටාවක් ඇමරිකාව සහ ඉන්දියාව අතර, දිගු කලක පටන් පවති. චීන ප්‍රතිවිරෝධය වෙනුවෙන් ඇමරිකාව සිය කඳවුර නිරන්තර ශක්තිමත් කීරිමට කටයතු යොදයි.

සහන් හේවාගමගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි