×

ඉරානයේ උත්තරීතර නායකයාගේ උපදේශකවරයා කොරෝනා වැළඳීමෙන් මරුට

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කොමේනිගේ ඇතුළු කවයේ ප්‍රබලයෙකු සහ ඔහුගේ ජ්‍යේෂ්ඨතම උපදේශකවරයා ලෙස සැලකුණු මොහොමද් මිරමොහම්මදි කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය ගොස් තිබේ.


71 හැවිරිදි මොහොමද් මිරමොහොම්මදි ගේ මරණය පිළිබඳ පුවත ඉරාන රාජ්‍ය ගුවන් විදුලිය ඇතුළු නිල මාධ්‍ය විසින් ද සනාථ කර ඇත.

 

Office of the Iranian Supreme Leader via AP

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කොමේනි – Office of the Iranian Supreme Leader via AP

මිරාමොහොම්මදි ඉරානයේ උත්තරීතර නායකයාගේ සමීපතමයෙකු ලෙස 2017 වසරේ පටන් කටයුතු කළ අයෙකි.

ඉරානයේ රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් කොරෝනා ආසාදනයට ගොදුරු වෙලා!

මීට දින කිහිපයකට පෙර වාර්තා වූයේ ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා ද කොවිඩ්-19 නොහොත් කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බවයි.

‘‘රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට පවා මේ රෝගයෙන් ගැළවී ගත නොහැක‘‘ යැයි ඔහු විසින් කියා තිබිණි.

ජාත්‍යන්තර මාධ්‍ය සනාථ කරන්නේ මේ වන විට එරට ඉහළ පෙළේ රජයේ නිලධාරීන් රැසක් රෝගයට ගොදුරු වී ඇති බවයි. මේ අනුව ඔවුන් අතරින් රෝගය හේතුවෙන් මරණයට පත් වූ ප්‍රථමයා බවට මිරාමොහම්මදි පත් වේ.

චීනයට පසු වැඩිම කෝරෝනා මරණ ගණන ඉරානයෙන්

මේ වන විට චීනයට පසුව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ඉරානයෙනි.

මේ වන විට චීනයෙන් කොරෝනා මරණ 3048 ක් වාර්තා වන අතර, ආසාදනයන් 80,0000 ඉක්මවා තිබේ.

මේ අතර ඉරාන ජාතිකයන් 54 දෙනෙක් රෝගය හේතුවෙන් දැනට මරණයට පත්ව ඇති අතර, ආසාදනයන් 978 ක් නිල වශයෙන් දැනට වාර්තා වේ.

මේ අතර, ඇතැම් මාධ්‍ය වාර්තා පවසන්නේ චීනය මෙන්ම ඉරානය ද සත්‍ය තොරතුරු වසං කිරීමක යෙදී සිටින බවත්, ඒ අනුව කොරෝනා විසින් ඉරානය ආක්‍රමණ කර තිබීමේ ප්‍රතිඵල මීට වඩා සැබවින්ම දරුණු විය හැකි බවයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ද මේ අදහසම දරන බව වාර්තා වේ. ඉරානය ‘වසංගතය පිළිබඳ වැදගත් තොරතුරු වසංකරනවා විය හැකි බවත්‘ ඒ ගැන තමන් ‘දැඩි සේ සැලකිලිමත් වන බව‘ත් ඔහු කියා තිබේ.

Cover Photo: Siasat



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි