×

වඳුරු උණ චීනයටත් ගිහින්

පසුගිය කාලයේදී ලොවපුරා රටවල් කිහිපයකින් වාර්තා වූ වඳුරු උණ රෝගය චීනයටද ව්‍යාප්ත වී ඇති බව වාර්තා වේ.


මෑතකදී චීනයට පැමිණි පුද්ගලයෙකුට වඳුරු උණ වෛරසය ආසාදනය වී ඇති බවයි චීන සෞඛ්‍ය බළධාරීන් අනාවරණය කරගෙන තිබෙන්නේ.

අදාල පුද්ගලයා චීනයට පැමිණීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටියදී සමේ කැක්කුම ඇතුළු රෝග ලක්ෂණ කිහිපයක් වාර්තාවීමත් පරීක්ෂණ සඳහා යොමුකර තිබෙනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් චීනයට පැමිණෙන සෑම පුද්ගලයෙකුම සති 1-2 අතර කාලසීමාවක නිරෝධායනයට යටත් වියයුතුය.

මෙම තත්වය හේතුවෙන් වඳුරු උණ ආසාදිතයාගෙන් සමාජයට වෛරසය බෝවීම අවහිර වී තිබෙනවා.

හඳුනා ගත් ආසාදිතයා වෛද්‍ය අධීක්ෂණය යටතේ ස්ථාවර තත්වයක පසුවන බවයි චීන සෞඛ්‍ය බළධාරීන් පවසන්නේ.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි