ඊයේ(13) රාත්‍රියේ උතුරු ගාසා තීරයේ ජබාලියා සරණාගත කඳවුරට එල්ල කරන ලද ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 30 දෙනෙකු මියගොස් ඇතිබව වාර්තා වේ.
මේ වන විට ගාසා තිරයේ ප්‍රධානතම රෝහල් බිඳ වැටෙමින් පවතින අතර ඊශ්‍රායල හමුදා වෛද්‍ය පහසුකම්වලට දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීමත් සමඟ උතුරු ගාසා තීරයේ රෝහල් වසාදමා අත. ගාසා තීරයේ විශාලතම රෝහල් දෙක වන අල්-ෂිෆා සහ අල්-කුඩ්ස් රෝහල්වල ඉන්ධන හා ආහාර, සන්නිවේදන මාධ්‍යන් බිඳ වැටීමත් සමඟ අතිශය ඛේදජනක ලෙස නොමේරූ ළදරුවන් හා යුද්ධය හේතුවෙන් තුවාල වුවන්, හදවත් රෝගීන් මිය යමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus නිවේදනය කර තිබේ. ගාසා තීරයේ විශාලතම රෝහල් දෙක වන අල්-ෂිෆා සහ අල්-කුඩ්ස් රෝහල්වල ඉන්ධන හා ආහාර, සන්නිවේදන මාධ්‍යන් බිඳ වැටීමත් සමඟ අතිශය ඛේදජනක ලෙස නොමේරූ ළදරුවන් හා යුද්ධය හේතුවෙන් තුවාල වුවන්, හදවත් රෝගීන් මිය යමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus නිවේදනය කර තිබේ. ගාසා තීරයේ විශාලතම රෝහල් දෙක වන අල්-ෂිෆා සහ අල්-කුඩ්ස් රෝහල්වල ඉන්ධන හා ආහාර, සන්නිවේදන මාධ්‍යන් බිඳ වැටීමත් සමඟ අතිශය ඛේදජනක ලෙස නොමේරූ ළදරුවන් හා යුද්ධය හේතුවෙන් තුවාල වුවන්, හදවත් රෝගීන් මිය යමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus නිවේදනය කර තිබේ.
ගාසා තීරය මාසයකට වැඩි කාලයක් නොනවතින ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයකින් විනාශ වී ඇති අතර ඔක්තෝබර් 7 දා සිට ගාසා තීරයට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 11,200 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.
වටලනු ලැබූ ගාසා තීරයට ඊශ්‍රායලය විසින් ටොන් 25,000කට වඩා පුපුරණ ද්‍රව්‍ය හෙළා ඇති අතර එය වර්ග කිලෝමීටර් 365ක් (වර්ග සැතපුම් 141ක්) විශාලත්වයකින් යුක්තය. එය ලන්ඩනයේ ප්‍රමාණයෙන් හතරෙන් පංගුවකට න්‍යෂ්ටික බෝම්බ දෙකක් පතිත වීම හා සමාන වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.
පලස්තීනයේ තත්වය සම්බන්ධයෙන් බ්‍රසීලයේ ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ප්‍රකාශ කර තිබුණේ, ගාසා තීරයේ කොටු වී සිටි බ්‍රසීල සහ පලස්තීන ජාතිකයන් පෞද්ගලිකව සිය නිවසට පිළිගන්නා බවත්, හමාස් ත්‍රස්තවාදී ක්‍රියාවක් කළ නමුත් ඊශ්‍රායලයේ ප්‍රතිචාරය අහිංසක ළමයින්ට සහ කාන්තාවන්ට එරෙහිව මාරාන්තික බවයි.
සශිකලා මධුෂාණි