×

බංග්ලාදේශය රොහින්ග්‍යා සරණාගතයන්ව නැව් පහක පටවා කුණාටු දූපතකට යවයි : ‘නැවත පදිංචි කරවීමක්ලු!

රෝහින්ග්‍යා මුස්ලින් සරණාගතයන් දෙවැනි කණ්ඩායමක් ද බංගලාදේශය විසින් බෙංගාල බොක්කේ පිහිටි පහත් බිමක් සහිත දිවයිනකට පසුගිය අඟහරුවාදා මාරු කරනු ලැබිණ.


මෙසේ සිදුවූයේ අයිතීන් කණ්ඩායම් විසින් නව දිවයින කුණාටුවලට මුහුණ දෙන්නට ඇති දැඩි අවදානම සලකා දැක්වූ විරෝධතා මධ්‍යයේ ය.

තම සංවිධානය මෙම ‘නැවත පදිංචි කිරීමට‘ සම්බන්ධයන් නොමැති බව කියා සිටින එක්සත් ජාතීන් ගේ සංවිධානය තරයේ කියා සිටියි.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ ජගත් සංවිධානය, බංගලාදේශ රජයට කිසිදු සරණාගතයකු බලහත්කාරයෙන් වසර 20කට පමණ මෑතකදී මුහුදෙන් මතුවූ භාසන් චාර් දිවයිනට ගෙන නොයන ලෙසට ඉල්ලා සිටි බව කියා සිටියි.

බංගලාදේශ නාවික හමුදාව රෝහින්ග්‍යාවරු 1,804 දෙනකු නැව් පහක පටවා මෙම දිවයිනට රැගෙන ගියහ. නැවේ තට්ටුව මත වූ ලී බංකු මත හිද ගෙන සිටි ඔවුහු, තම තාරාවන්, පරෙවියන් සහ කුකුළන් උණ කූඩවල දමා ගෙන, තැඹිලි පැහැ ජීව්තාරක්ෂක ජැකට්ටු ද, කොරෝනාවෛරසයට එරෙහිව මුව ආවරණ ද පැළඳ ගෙන සිටියෝ ය.

මේ මාසයේ මුල දි රෝහින්ග්‍යාවරු, එනම් මියන්මාරයේ ප්‍රචණ්ඩකාරී සැලැකුමෙන් මිදී ආ සුළුතරය, 1,642ක කණ්ඩායමක් ඔවුන් ගේ බංගලාදේශයේ කඳවුරුවලින් මේ නව හුදෙකලා දිවයිනේ පදිංචි කරවනු ලැබූහ.

මෙසේ නැවත පදිංචි කරවීම පිළිබද සහයෝගය දක්වන කණ්ඩායම්වල අවධානය යොමු ව ඇත්තේ බංගලාදේශයේ වෙරළාශ්‍රිත ව නිරතුරුව ම දේශගුණික ගැටලු ඇතිවන නිසා ය.
බංගලාදේශ රජය මීටර් 2ක උසකින් යුත් වේල්ලක් ද සමග 100,000ක පිරිසකට නිවාස ද ඉදි කර තිබේ. ඒ අනුව ඔවුන් පවසන්නේ කුණාටු බහුල දූපත තුළ තමන් විසින් මෙම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව ය.

“මේ දිවයින සම්පූර්ණයෙන් ම ආරක්ෂිත යි” යැයි එරට විදෙස් ඇමැති අබ්දුල් මොමෙන් කියා තිබේ.

ඡායාරූප © Reuters/MOHAMMAD PONIR HOSSAIN



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි