×

මාලී හී ෆුලානි ගෝත්‍රිකයන් 100ක් වෙඩි තබා මරා දමයි.

මෙවැනි ජනවාර්ගික අර්බුද රැසක් මේ වන විට මාලී දිවයිනෙන් වාර්ථාවන බව එක්සත් ජාතීන්ගේ සංගමයේ මලාවි හී නියෝජිත වරයා ප්‍රකාශ කර සිටියි.


තුවක්කු කරුවන් පිරිසක් විසින් මාලි දිවයිනෙහි ගමක සිදු කළ වෙඩි තැබීමක් නිසා 100ක් දෙනා මිය ගොස් ඇති බව වාර්ථා වේ. සාම්ප්‍රදායික දඩයක්කරුවෙකුගේ ඇදුමකින් සැරකුණු මෙම තුවක්කු කරුවන් වෙඩි තැබීම සිදු කිරීමට පෙර අදාල ගම්මානය අවට සැරි සරා ඇත. ෆුලානී ජනවර්ගයට අදාල පිරිසක් ඔවුන් විසින් මෙසේ මරා දමා ඇති අතර මෙවැනි ජනවාර්ගික අර්බුද රැසක් මේ වන විට මලාවී දිවයිනෙන් වාර්ථාවන බව එක්සත් ජාතීන්ගේ සංගමයේ මාලී හී නියෝජිත වරයා ප්‍රකාශ කර සිටියි. තුවක්කු වලට අමතරව මෙම ප්‍රහාරය සදහා කැපුම් ආයුධද භාවිත කර ඇත.

ඩෝගෝන් දඩයම් කරුවන් සහ ෆුලානි ගෝත්‍රිකය් අතර කාලයක් තිස්සේ පැවත එන මෙම අර්බුදය ජලය සහ ඉඩම් සදහා ඇති අර්බුදයක් ලෙස වාර්ථා වේ.
එමෙන්ම ෆුලානී වරුන් ජිහාඩ් කැරළි කණ්ඩායම් සමග සමීප සම්බන්ධතා දක්වන බව ඩෝගෝන් දඩයම්කරුවන් චෝදනා කර සිටියි.

මේ කුමන හේතුවක් හෝ මත ඊයේ ෆුලානි ගෝත්‍රිකයන් 100 දෙනෙක් මෙසේ මර දමා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි