×

ලෝකයම කම්පාකරමින් ඕස්ට්‍රේලියාව අද 10,000 ට වැඩි ඔටුවන් සංඛ්‍යාවක් වෙඩි තබා මරා දමයි

හේතුව උන් වැඩිපුර ජලය පානය කිරීමයි.


මේ මෙහොත වන තෙක්ම ලෝකය ඕ්‍රස්ට්‍රේලියාව සිය දෑස් ද අවධානයද යොමුකරමින් බලා සිටියේ ලැවුගින්නටත් , දීර්ඝකාලීන නියගයටත් මුහුණ දෙමින් මිනිසුන් සහ අනෙක් සත්වයින් මුහුණ දෙන පීඩාව දෙසටය.
නමුත් ඔවුන් විසින් ගත් නව තීරණයක් හේතුවෙන් ලෝකයේ අවධානය තවත් ආකාරයකට ඕස්ට්‍රේලියාව වෙත අදින් පසු යොමු වනු ඇත.

දකුණු ඕස්ට්‍රේලියාව තුළ ඉහළ යමින් පවතින උණුසුමත් සමග ඇති වන දීර්ඝකාලීන නියඟය මැඩ පවත්වාගැනීම සදහා එහි ජීවත් වන ඔටුවන් 10000කට අධික ප්‍රමාණයක් වෙඩි තබා මරා දමන්නට තීරණය කර ඇත.

මේ සදහා එරට ආදිවාසී නායකයයින් විසින් සිය විධානයද අවසරයද ලබා දී ඇත.

මෙතරම් ඔටුවන් සංඛ්‍යාවත් මරා දමන්නට තීරණය කිරීමේ හේතුව ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ ඔටුවන් අධික ලෙස ජලය පානය කිරීමයි.

ඒ අනුව අද දින ඔටුවන් මරා දැමීමම ආනන්ගු පිට්ජන්ට්ජට්ජාරා යන්කුනයිට්ජට්ජාරා (ඒපීවයි) ඉඩම්වල ආදිවාසී නායකයින්ගේ නියෝගයකට අනුව වෘත්තීය වෙඩික්කරුවන් විසින් ආරම්භ කරනු ඇත.

මිනිස් වාසය ඇති පෙදෙස් වලට පැමිණෙන් ඔටුවන් මිනිස් ප්‍රයෝජනය සදහා පවතින ජලය පානය කිරීම පිළීබදව ජනතාවගෙන් නැගුණ පැමිණිලි සහ මැසිවිලි මෙම තීරණයට දැඩි සේ බලපා ඇත.

“ඔටුවන් පැමිණ වැටවල් කඩා වැටීම, ගෙවල් වටේට ඇතුළු වීම සහ වායුසමීකරණ යන්ත්‍ර හරහා ජලය ලබා ගැනීමට උත්සාහ කිරීම නිසා අපි අසනීප තත්ත්වයෙන් හා අපහසුතාවයෙන් පෙළෙනවා.” මේ සම්බන්ධ මූලිකත්වය ගෙන කටයුතු කරන මාරිටා බේකර් APY සාමාජිකාවක, ඕස්ට්‍රේලියානු පුවත්පතකට එසේ පවසා තිබිණ.

තවත් අතකින් ඔටුවන් වසරකට කාබන් ඩයොක්සයිඩ් ටොන් එකකට සමාන මීතේන් විමෝචනය කරන බැවින් හරිතාගාර වායු විමෝචනය පිළිබඳ සැලකිලිමත් වීම ද මෙම සතුන් මරා දැමීම හේතුවක් ලෙස ඔවුන් පෙන්වා දෙයි.

මිනිසුන්ගේ ගොවි බිමි වලට වන හානිය, ඇති කරන සත්වයින් සදහා ඇති තණ බිම් ඔටුවන් විසින් කා දැමීම ආදී හේතූන්ද ඔවුන් විසින් සිය තීරණය සාධාරණී කරණය කිරීමේ හේතු ලෙස දක්වා ඇත.
ඒ අනුව ඇතැම් විට මේ මෙහොත වන විට ඕස්ට්‍රේලියාව තුළ ඔටුවන් 10000ක් මරා දැමීමේ කටයුත්ත ආරම්භ වී තිබෙන්නට පුළුවන..

ඕස්ට්‍රේලියාවට ඔටුවන් හදුන්වාදෙනු ලබන්නේ 19 වන සියවසේදී ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් වල සිටය. ඒ එකළ සිදු වූ ප්‍රවාහන සහ ඉදිකිරීම් කටයුතු සදහා ඔටුවන්ගේ සහය ලබා ගැනීම පිණීසය.

එදා සිට ක්‍රමයෙන් ඕස්ට්‍රේලියාව තුළ වැඩෙමින් පවතින ඔටු ගහණය හිරි හැර කිරීමක් සිදු නොවුනහොත් සෑම අවුරුදු 8කට හෝ 10කට වරක් දෙගුණයක් බවට පත් වන්නේය.

මෙම තත්ත්වය මත මේ වන විට නිවු සවුත්වේල්ස් ඇතුළු දකුුණු ඕස්ට්‍රේලියාවේ ඔටු ගහණය විශාල සංඛ්‍යාවක් වෙයි.

සිඩ්නි විශ්ව විද්‍යාලයේ පරිසරවේදී ක්‍රිස්ටෝපර් ඩික්මන්ට අනුව ඕස්ට්‍රෙලියාවේ ඇති වූ ලැවු ගින්නත් සමග වවුලන් ගෙම්බන් මෙන්ම අපෘෂ්ඨ වංශීන්ද ඇතුළුව එරටට අහිමි වූ වන ජීවීන් සංඛ්‍යාව බිලියනය ඉක්ම වනු ඇත. පිළිස්සී විනාශ වී ඇති භූමි ප්‍රමාණය අක්කර මිලියන 18කට වැඩිය, මේත් සමග ඔස්ට්‍රේලියාව තුළ ජීවත් වූ විශේෂ සත්ත්ව විශේෂයන් මුළු මුනින්ම රටට අහිමි වනු ඇතැයි මේ පිළබදව අදහස් දක්වන වන ජීවී විශේෂඥයින් සිය සැකය පළ කරමින් සිටී.

ඕස්ට්‍රේලියාවටම ආවේණික වූ කැන්ගරුවන් සහ කෝලිවන් විශාල සංඛ්‍යාවක් මෙවර විනාශ වූ අතර රටට ආවේණික වූ ඩන්නාර්ට්ස් සහ ග්ලෙන්සි කුකුළන් සහමුළින්ම අහිමි වන්නට ඇතැයි සැක කෙරේ.

කෙසේ වෙතත් මේ සා විශාල හානියක් සිදු වීමේ වග කිව යුත්තන් වන්නේනම් අද මරා දැමෙන ඔටුවන් ද ඇතුළුව අනෙකුත් කිසිදු සතෙකු නොවන්නේය. එහෙත් අසාධාරණ ලෙස වැඩි හානියක් සහ දුෂ්ඨකම් සිදු වන්නේද ඔවුන්ටමය.

ස්කොට් මොරිසන් එරට අගමැති වරයා සිදු වූ මේ විනාශයේ වගකීම කිසි සේත් භාර නොගත්තද , ආර්ථික වාසි තකා සිදු කරමින් සිටින පාරිසරික විනාශය මේ සා විපතක් වන්නට සම්පූර්ණයෙන්ම හේතු වෙයි.

අද දින මරාදැමෙන ඔටුවන් කිසිසේත් මේ අපරාධයට වග කිව යුත්තන් නොවන බව නොඅනු මානය. සැබෑ විසදුම පසෙක ලා තව දුරටත් ජෛව විවිධත්වයට විනාශ වන්නට මං මාවත් විවිර කරමින් ඕස්ට්‍රේලියාව ගමන් කරනු ඇත්තේ සුභ දායී අනාගතයක් කරා නම් නොවනු ඇත. විනාශ වී ගිය ගොඩ නැගිලි වගා බිම් ඔවුන් යළී ලබා ගනු ඇත. නමුත් අහිමි වූ මේ සා වටිනා පරිසර පද්ධතිය සහ එහි සාමාජිකයන් වසර ගණනාවක් වයසැති වෘක්ෂයෝ යළිත් කිසිදිනෙක නොලැබෙනු ඇත.

දේශගුණික විපර්පයාසයන් සියල්ලකම බර දැරිය යුත්තේ මිනිස් ක්‍රියාකාරකම්ම මිස අහිංසක වන ජීවීන් නෙවෙති. එය වටහා නොගෙන රාජ්‍ය නායකයින්  හෝ වගකිව යුත්තන්  පයබරවායට   පිටිකර බෙහෙත් බැදීම  හෝ  හේනේ ගොයම් කන විට ගෙදර මුව හමට තඩි ගැසීමේ න්‍යයාන් අනුගමනය කිරීම හුදු පුහු ක්‍රියාවක් පමණක්ම වන්නේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි