×

තමිල්නාඩුවේ අධික වර්ෂාවෙන් 15 දෙනෙකුට වඩා මරුට

ඊයේ (11) දිනයේ තමිල්නාඩුව සහ ඒ අවට ප්‍රදේශවලට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් අවම වශයෙන් 15 දෙනෙක් පමණ මරණයට පත් ව ඇති බව වාර්තා වේ.


ඊයේ (01) දිනයේ තමිල්නාඩුව සහ ඒ අවට ප්‍රදේශවලට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් අවම වශයෙන් 15 දෙනෙක් පමණ මරණයට පත් ව ඇති බව වාර්තා වේ.

තමිල්නාඩුවේ කොයිම්බතූර් හි නිවාස 3 ක් පමණ නාය යාම් හේතුවෙන් කඩා වැටී ඇති අතර, මළසිරුරු 15 ක් මේ වන විට සොයාගෙන ඇත.

මෙම මරණ පිළිබඳ වාර්තා වූයේ අද අළුයම ය.

චෙන්නායි නගරය ද මේ වන විට ජලයෙන් යට වී තිබේ.

මේ දිනවල ඇද හැළෙන අධික මෝසම් වර්ෂාව හේතුවෙන් තමිල්නාඩු ප්‍රාන්තය සහ අසල්වැසි පුඩුචේරි හි පාසල්, විශ්ව විද්‍යාල ඇතුළු ආයතන ගණනාවක් වසා දමා ඇත.

ලංකාවට ද මේ වන විට අයහපත් කාලගුණික තත්වය බලපා ඇති අතර, ඉදිරි දිනවලදී ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවකට මි.මී.100-150 අතර වර්ෂාපතනයක් ලැබීමට ඉඩ ඇති බව ද වාර්තා වේ.

මේ අතර ලංකාවේ පුද්ගලයන් දෙදහසකට වැඩි සංඛ්‍යාවක් මේ වන විට ආපදාවට ලක්ව ඇත.

පෙර ලිපි-

අයහපත් කාලගුණය හේතුවෙන් ඇමරිකාවේ ගුවන් ගමන් 6000 ක් ප්‍රමාදයි

2019 වසරේ වචනය – දේශගුණික හදිසි තත්වයන්

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි