×

තෝකියෝවේ දෛනික කෝවිඩ් රෝගීන් ගණන 20,000 පනියි – හදිසි තත්වයක අවදානමක්

කෝවිඩ්-19 ඔමික්‍රෝන් වසංගත තත්වය සීඝ්‍ර වශයෙන් පැතිර යාම තුළ ජපානයේ තෝකියෝ අගනුවරින් වාර්තා වන දෛනික රෝගීන් සංඛ්‍යාව 20,000 ද ඉක්මවා ගොස් ඇත.


මෙය වසංගතය ආරම්භයේ පටන් වාර්තා වන වැඩිම දෛනික කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවයි.

රෝහල්වල ධාරිතාවයෙන් 50%කට වඩා කෝවිඩ් රෝගීන්ගෙන් පිරී යාම තුළ තෝකියෝ මෙට්‍රොපොලිටන් රෙගුලාසිවලට අනුව හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ හැකිය.

මේ සතියේ සඳුදා දිනය වන විට මේ අගය 49.2% දක්වා ඉහළ ගොස් තිබිණි. එයින් වැඩි පිරිස දැඩි සේ රෝගාතුර වූ අය බව ද සඳහන්.

ජපන් අගමැති ෆුමියෝ කිෂිදා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ඇති බවට ඉඟි කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි