සටහන: සශිකලා මධුෂාණි,මැයි 25,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු පැපුවා නිව්ගිනියාවේ අගනුවරට කිලෝමීටර් 600ක් (සැතපුම් 370ක්) වයඹ දෙසින් එංගා පළාතේ Kaokalam ගම්මානය බිමට සමතලා කළ දැවැන්ත නායයාමකින් පුද්ගලයින් 300 කට වැඩි පිරිසක් මියගොස් නිවාස 1,100 කට අධික සංඛ්‍යාවක් වැළලී ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබේ.
මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහල යනු ඇතැයි විශ්වාස කරන අතර නාය යෑමෙන් අධිවේගී මාර්ග ප්‍රවේශය අවහිර වී ඇති අතර, එම ප්‍රදේශයට ළඟා වීමට ඇති එකම මාර්ගය හෙලිකොප්ටර් යානා බවට පත්ව ඇති බවයි එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබුණේ,
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැපුවා නිව්ගිනියාවේ අගමැති ජේම්ස් මාරපේ කියා තිබුණේ බලධාරීන් ආපදාවට ප්‍රතිචාර දක්වන බවත්, මළ සිරුරු ගොඩගැනීම සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජය ප්‍රාදේශීය නිලධාරීන් සමඟ එක්ව කටයුතු කරමින් සිටින බවයි.