×

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලක්ෂ 03 කට විදුලිය අහිමි වෙයි!

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පුද්ගලයන් තුන් ලක්ෂයකට අධික සංඛ්‍යාවකට විදුලිය අහිමි වෙයි


රෂිකා හෙන්නායක මාර්තු 09,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පුද්ගලයන් තුන් ලක්ෂයකට අධික සංඛ්‍යාවකට විදුලිය අහිමි වී තිබෙන අතර, ඒ ,ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ තද සුළං සහ වර්ෂාව නිසා බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට ගංවතුර අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙන අතර, ඉදිරි දින කිහිපයේදීත් මෙය අපේක්ෂා කළ හැකි බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. සුළගේ වේගය පැයට කිලෝමීටර 90 දක්වා වර්ධනය වීමට ද හැකියාවක් පවතින අතර,විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ. මේ හේතුවෙන් ඉප්ස්විච්,  ජිම්පි යන ප්‍රදේශවලට ද බලපෑම් ඇති විය හැකි බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි