×

සරණාගතයන් 500කට වැඩි ප්‍රමාණයකට ඉතාලිය සරණක් වෙයි.

සංක්‍රමණිකයන් පිළිබඳව දැඩි මතයන සිටින ජෝර්ජියා මෙලෝනිගේ රජය මෙවැනි තීරණයකට යාම විශ්ලේෂකයන් පවසන්නේ පුදුම සහගත තීරණයක් බවයි.


දේශසීමා රහිත වෛද්‍යවරු (Medecins Sans Frontieres, or MSF) පුණ්‍යායතනය විසින් මෙහෙයවනු ලබන සහ සරණාගතයින් 248 රැගත් Geo Barents නෞකාව හා SOS Humanity පුණ්‍යායතනය විසින් පවත්වාගෙන යනු ලබන තවත් ගලවා ගැනීමේ යාත්‍රාවක් වන Humanity යන නෞකාවලින් පැමිණි 500කට අධික සරණාගතයන් වෙනුවෙන් ඉතාලි රජය සිය දකුණේ වරාය නගරයක් වන Bari හි නැව්ගත කිරීමට අවසර දී ඇති බව වාර්තා වේ.

සංක්‍රමණිකයන් පිළිබඳව දැඩි මතයන සිටින ජෝර්ජියා මෙලෝනිගේ රජය මෙවැනි තීරණයකට යාම විශ්ලේෂකයන් පවසන්නේ පුදුම සහගත තීරණයක් බවයි. පසුගිය මාසයේ ඉතාලිය විසින් හරවා යවන ලද බෝට්ටුවක් ප්‍රංශ ජාතිකයන් විසින් රැගෙන යාමෙන් පසු අසල්වැසි ප්‍රංශය සමඟ හොඳ හිත පළුදු විය.

ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසා ඇත්තේ, ප්‍රතිපත්ති වෙනස් කිරීමකට යාමට වඩා, අයහපත් කාලගුණික තත්ත්වයන් සහ යානයේ සිටි අය මුහුණ දෙන අවදානම් සහගත තත්වය මත පදනම්ව, නැව් දෙක නැව්ගත කිරීමට අවසර දීමට තීරණය කර ඇති බවයි.

මෙම පුණ්‍යාධාර නැව් සම්බන්ධයෙන් විවිධ චෝදනාවන් එල්ල වෙමින් ඇති අතර, ඔවුන් ආර්ථික සංක්‍රමණිකයන්ට ඉතාලියට ළඟාවීම පහසු කරවන අතර ජාවාරම්කරුවන් වෙනුවෙන් පුද්ගලයන් සපයන බවද වාර්තා වේ.


මේ අනුව ඉතාලියේ දේශසීමා ආරක්ෂා කිරීමට සහ මිනිසුන් ජාවාරම්කරුවන් නැවැත්වීමට අමාත්‍යාංශය නව නීතිරීතින් සකස් කරමින් සිටින බව ඉතාලි මාධ්‍ය වාර්තා කර ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි