×

2040 වන විට සත්ත්ව මාංශ බොහොමයක් නිපදවීමට සතුන් ඝාතනය නොකරනු ඇත

ලෝකයේ මෙතෙක් නිපදවන ආහාර අස්වැනෙන් හරි අඩක් වැය වන්නේ මස් පිණිස වන සතුන් සදහා ආහාර වශයෙනි.


2040 වන විට මිනිසුන් විසින් ආහාරයට ගන්නා සත්ත්ව මාංශ සත්වයින් මගින් ලබා ගත් ආහාර නොවනු ඇති බවට නවතම පර්යේෂණ අනාවරණය කරයි.

මෙතෙක් මිනිසි විසින් ගත් සියළුම මාංශ ආහාර ලබා ගනු ලැබුවේ සතුන් ඝාතනය කිරීම මගිනි. මෙම වාර්ථාවට අනුව 2014 වන විට එම මාංශමය ආහාර වලින් 60ක් කිසිදු වෙනස් රසයකින් තොරව ශාකමය කොටස් ආශ්‍රයෙන් නිපදවා ගත හැකි බව මෙම පර්යේෂණ විසින් හෙළි කර ඇත.

global consultancy AT Kearney මගින් සිදු කරන ලද මෙම පර්යේෂණය මගින් ඉදිරිපත් කළ වාර්ථාවට අනුව මෙතෙක් සිදු කරනු ලැබූ මාංශමය ආහාර නිශ්පාදනයේදී හා ආහාරයේදී ඇති වූ පාරිසරික බලපෑම සහ එමගින් දේශ ගුණික විපර්යාසය මත කරනු ලබන බලපෑම හේතුවෙන් මෙන්ම සතුන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන්ද සත්ව ඝාතනය අවම කිරීමට ලෝකය කටයුතු කරනු ඇති බවයි.

මිනිසා සත්ත්ව මාංශ වෙත වැඩි වැඩියෙන් යොමු වීම තුළ සාම්ප්‍රදායික මාංශ නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විවිධ රසායනික සහ විවිධ ජාන තාක්ෂණික ක්‍රම ඔස්සේ සත්ත්ව මාංශ නිෂ්පාදනය කරනු ලැබුවද ඉන් මිනිසාට ඇතිවූ අහිතකර බලපෑම අති විශාල විය. විශේෂයෙන්ම පිළිකා රෝගීන් මෙන්ම තවත් සුව කළ හෙැකි රෝග තත්ත්වයන් මගින් මිනිසා ට එල්ල වූ අහිතකර බලපෑම අවම කර ගැීමට මෙම නව ශාකමය මාංශ නිෂ්පාදනය තුළින් හැකි වනු ඇත.

මෙම නිෂිපාදනයන් වෙළද පළට හදුන්වා දීමේදී ඇතිවන විවිධ ගැටළු මෙම පර්යේෂණ වාර්ථාව මගින් හෙළි කර ඇති අතර ඒ සදහා ගත වන කාලය මෙහිදී විශාලතම ගැටළුව බවට පත්ව ඇත. මන්ද වෙළද පල විසින් සත්ව මාංශ වෙනුවට ශාක මාංශ ආදේශ කිරීමේදී ඒ සදහා වැඩි කාලයක් ගත වනු ඇති බවට අපේක්ෂා කෙරේ.

වාර්ෂිකව සාම්ප්‍රදායික මාංශ නිෂ්පාදනය වෙනුවෙන් බිලියන ගණනින් ඇති කරන සත්වයින් මගින් අදාල ආයතන ලබා උපයන මුදල ඩොලර් ට්‍රිලියන එකකට අධිකය. එමෙන්ම මෙම සත්ත්ව ගොවිපල මගින් ලෝකයේ පාරිසරික හානිය, සාගර, ජලාශ මෙන්ම වායු දූෂණයද ඉතා වැඩි වශයෙන් සිදු වෙමින් පැවතින.

මේ වන විටත් ලෝකයේ මෙම ශාකමය මාංශ නිෂ්පාදනය සදහා යොමු වූ සමාගම් අතරේ Beyond Meat සමාගම මගින් මාංශ වෙනුවට ශාකමය මාංශ බෙහොමයක් හදුන්වා දී ඇත. ඒ අනුව සත්ව මස් ආශ්‍රිතව නිපදවන බර්ගර්, බිත්තර, මෙන්ම තවත් නිෂ්පාදන සදහා මේ වන විට ඇති ඉල්ලුම ඉහළ යමින් පවතී.

ඊට අමතරව තවත් ආයතන විසින් සත්වයින් නොමරා සැබෑ මාංශ රෝපණය කිරීමට උත්සහා දරමින් සිටී. වඩාත් පහසුවෙන් මාංශමය ආහාර වලින් දුරස් වීමට හැකියාව ඇති මෙන්ම මේ වන විටත් ශාකමය ආහාර පමණක් ආහාරයට ගන්නා flexitarian, vegetarian සහ vegan පුද්ගලයින් සංඛාව මේ වන විට ඉහළ යමින් පවතින බව මෙම වාර්ථාව මගින් පෙන්වා දෙයි. ඒ අනවු 35 % ප්‍රතිශතයකට සියළුම මාංශ 2040 වන විට සත්වයින් ඝාතනය නොකොට රෝපණය මගින් නිපදවීමේ හැකියාව ඇති ලැබෙනු ඇත. එමෙන්ම 25 % ප්‍රතිශතයක් ශාකමය කොටස් මගින් නිපදවූ  මාංශමය ආහාර කෙරේ යොමු වනු ඇත.

ලෝකයේ මෙතෙක් නිපදවන ආහාර අස්වැනෙන් හරි අඩක් වැය වන්නේ මස් පිණිස වන සතුන් සදහා ආහාර වශයෙනි. නමුත් ශාක මගින් ලබා ගන්නා පෝෂණයෙන් 15 ප්‍රතිශතයක් පමණක් මාංශමය ආහාර අනුභවයේදී ලැබේ. නමුත් නවතම ශාකමය මාංශ ක්‍රමය තුළ මිනිසාට අවශ්‍ය පෝෂණය පෙරට වඩා ලැබෙනු ඇති බව මෙම වාර්ථාව සදහන් කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි