ඉතාලියේ කුප්‍රකට කොසා නොස්ට්‍රා මාෆියාවේ ප්‍රධානියා ලෙස සැලකෙන වසර ගණනාවක් සොයමින් සිටි මෙසිනා ඩෙනාරෝ, සිසිලියේදී අත්අඩංලුවට ගෙන ඇති බව වාර්තා වේ.
ත්‍රිවිධ හමුදාවේ 100කට අධික පිරිසක් විසින් කරන ලද මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මෙසිනා ඩෙනාරෝ 1992 දී නොයෙකුත් මිනීමැරුම් සම්බන්ධයෙන් නඩු විභාග කර ජීවිතාන්තය දක්වා සිරගත කරන ලදී.
ඔහුට එරෙහිව ඇති චෝදනාවන් අතර 1993 මිලාන්, ෆ්ලෝරන්ස් සහ රෝමයේ මාරාන්තික බෝම්බ ප්‍රහාර සහ රාජ්‍ය සාක්ෂිකරුවෙකු බවට පත් වූ මාෆියෝසෝගේ 11 හැවිරිදි පුත්‍රයා පැහැරගෙන යාම, වධහිංසා පැමිණවීම සහ ඝාතනය කිරීම, මුදල් විශුද්ධිකරණය, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ආදී චෝදනාවන් රැසකට වරදකරුවකු ලෙස සැලකේ.
මෙහු අත්අඩංගුවට ගැනීමත් සමඟ මාෆියාවේ ඉහළ පෙළේ අපරාධ කිහිපයකට සම්බන්ධ වූ අයගේ තොරතුරු හෙළිදරවු වෙතැයි අපේක්ෂා කෙරේ. ඉතාලි මාධ්‍ය විසින් බෙදා හරින ලද වීඩියෝවන්හි දක්නට ලැබෙන්නේ මෙසිනා ඩෙනාරෝ රැගෙන යන විට මිනිසුන් පාරේ සිටගෙන ඉතාලි පොලිසියට අත්පොළසන් දෙන ආකාරයයි.
ඉතාලියේ අගමැතිනී ජෝර්ජියා මෙලෝනී විසින් මෙසිනා ඩෙනාරෝ අතත්අඩංගුවට ගැනීම රාජ්‍යයේ විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස සඳහන් කරමින් ඉතාලි හමුදාවට ස්තූති කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.
සශිකලා මධුෂාණී_