×

එට්නාත් සක්‍රීය වෙයි.

අද උදෑසන විශාලතම පිපිරීම් සිදුව ඇති අතර ඒ අවට සියළු ජනයා ඉන් ඉවත් කිරීමට ජනතාව පියවර ගෙන ඇත.


යුරෝපයේ සක්‍රීයම ගිනි කන්ද වන සිසිලියේ එට්නා ගිනිකන්දද මේ වන විට සක්‍රීය වීම නිසා ඒ අවට භූමිකම්පා 130කට වැඩි ප්‍රමාණයක් හට ගෙන ඇත. එට්නා ගිනි කන්ද පිළිබඳ පර්යේ‍ෂකයන් පවසන්නේ මෙහි මේ වන විටත් ලාවා ඉවතට ගැලීම සිදු වෙමින් පවතින බවයි.
අද උදෑසන විශාලතම පිපිරීම් සිදුව ඇති අතර ඒ අවට සියළු ජනයා ඉන් ඉවත් කිරීමට ජනතාව පියවර ගෙන ඇත.

ගිනිකඳු පිපිරිම නිසා ලාවා ධාරාවන් අහසට විහිදෙන ආකාරය කැටනියා නගරය වැනි ආරක්‍ෂිත ප්‍රදේශ වල සිට රූගත කර තිබෙන අතර ගිනි කන්දේ පිපිරීම් විශාල වශයෙන් සිදුව ඇති බව දක්නට ඇතැයි පැවසේ. ගිනිකන්දේ දුමාරය කැටරිනා නගරයට තදින් බලපෑම හේතුවෙන් ඒ ආසන්න කැටරිනා ගුවන් තොටුපලද කටයුතුද මේ වන විට නවතා දමා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි