එවරස්ට් ලොව උසම කදු ශිඛරයට යන්නට ආශා නොවන්නෝ කවරහුද? එහෙත් එහි ගොස් නොසිතූ විරූ අන්දමින් දිවි ජීවිතය අහිමි කර ගන්නට සිදු වීම කෙතරම් අභාග්‍ය්‍යක්ද?
2019 කඳු නැගීමේ වකවානුව තුළ එවරස්ට් ශිඛරයේදී මිය ගිය පුද්ගලයින් ගණන 11 කි. ඔවුන් සියල්ලන්ම මිය ගියේ කන්ද තරණය කොට මුදුනටම ගිය පසුවය.
ඇමරිකානු ජාතික 62 හැවිරිදි ක්‍රිස්ටෝපර් ජෝන් කූලිෂ් මිය යාමට පෙර කඳු ශිඛරයට නැගීමේදී ගත් ඡායාරූපද සමාජ මාධ්‍ය ජාලාවලට එක් කළ ඔහු එහිදී දන්වා තිබුණේ කඳු ශිඛරයට ළගා වන්නන් අධික වීම හේතුවෙන් එහි පවතින අඩු ඔක්සිජන් ප්‍රමාණය තවත් අඩු වන බවයි. ක්‍රිස්ටෝපර් එසේ මිය ගිය 11 වැනියාය.
පසු ගිය සඳුදා තවත් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු මිය ගියේය . ඔහුගෙ නෑදෑයින් පැවසුවේ ඔහු සිය ජීවිතයේ සිහිනය සැබෑ කර ගනිමින් මිය ගිය බවයි.
සිහින සැබෑ කරගන්නට එසේ ලොව උසම කදු ශිඛරයට නගින්නන් එසේ මිය යන්නේ කෙසේද?
අපහසු කාල ගුණය, අත්දැකීම් අඩු බව, වාණිජකරණය, ආදී හේතු ඒ අතර වෙයි.
එවරස්ට් කන්ද තරණයට ප්‍රවේශයන් කිහිපයක්ම තිබුණද කදු ශිකරයට යෑමට ඇත්තේ ඉතා අසීරු කුඩා මාර්ගයකි. කදු ශිකරයේ ප්‍රවේශ මාර්ගය දකුවා ගමන්කරන්නන්ට ඇතැම් විට දින ගණනාවක් මග බලා සිටින්නට සිදු වේ . ඒ ක්‍රමයෙන් එවරස්ට් නගින්නන්ගේ ජනගහණය වැඩි වීම හේතුවෙනි.
අවසානයේ මිය ගිය ක්‍රිස්ටෝපර් කුල්ෂි සමාජ මාධ්‍ය වෙත දන්වා සිටායේ කඳු ශිඛරයට නැගීමට තමන්ට දින කිහිපයක් බලා සිටින්නට සිදුවන බවයි. එතෙක් ඔවුන්ට රැඳී සිටින්නට සිදුවන්නේ අධික ශීතලේ ය. මීටර් 8600ක් එනම් අඩි 28215ක් උසක සිට ශීතලෙන් ගැහෙමින් තම ජීවිතයේ එකම සිහිනය සෑබෑ කරගන්නට ඔවුන්ට මග බලා සිටින්නට සිදු වේ. කූල්ෂි මිය ගොස් තිබුණේ සිය සිහිනය සැබෑ කරගෙන නැවත එන අතර තුරේදීය. ඔහු ඇමරිකානු ජාතික නීතීඥවරයෙකි.
මැයි 20 වන දායින් ආරම්භ කළ සතිය තුළ එවරස්ට් දක්වා ගිය කදු නගින්නන් සංඛ්‍යාව ඉතා අධික විය. කඳු ශිඛරයේ ඔක්සිජන් ප්‍රමාණය අතිශය සීමාකාරී වීමට මෙය දැඩි සේ බලපාන්නට ඇත. අමතර ඔක්සිජන් ලබා නොගන්නේ නම් බොහෝ අය ජීවිතයෙන් සමුගැනීමට පවා පුළුවන. එය සැබවින්ම හදුන්වන්නේ ” මාරක කලාපය” නමිනි.
එවරස්ට් මග පෙන්වන්නෙකු වන අඩුරියන් බාලින්ගර් සී එන් එන් පුවත් සේවයට මේ සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ එවරස්ට් යනු මිනිසුන්ගේ අත්‍යන්ත අභියෝගයක් වුවද ගැටළුව වන්නේ තරණය කිරීමට පැමිණෙන්නන්ගේ අත්දැකීම් අවම වීමත්, ඇතැම් ආයතන සේවාවන් සැපයීම සදහා සූදානම් වීමත් බවයි.
අත්දැකීම් අඩු අයට කන්ද තරණයට සිදුවන්නේ සහායකයන්ද සමගිනි. ඔහුට අනුව අඩි 26000ක උස යනු සැබවින්ම මිනිසෙකු කිසිසේත් සිටින්නේ යැයි නොසිතිය හැකි ස්ථානයකි.
තරණය කරන්නන් කඳු මුදුනේදී බෝතල් කළ ඔක්සිජන් හෝ අතිරේක ඔක්සිජන් භාවිතා කළද එසේ සිටිය හැක්කේද පැය කිහිපයක් පමණි. ඉන් පසු ශරීරය ක්‍රමයෙන් විවිධ සංකූලතාවට මුහුණ දෙන්නට පටන් ගනියි. එවැන් පසුබිමක් මත අඩි 26000ක උසකින් සිටින මිනිසෙකුට ආශ්වාසය සඳහා තදබදයකට මුහුණ දෙන්නට සිදුවීම, මග බලා සිටින්නට සිදුවීම, ඊට වඩා පහළින් ‘පහසු කලාප‘වල දිවි ගෙවන ඔබට මට සිතාගැනීම පවා නොහැකි රුදුරු අත්දැකීමකි.