×

බ්‍රෙක්සිට් නැවතත් පරාදයි. තෙරේසා මේ ට ඉල්ලා අස්වීමට බලපෑම්

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් ‘බ්‍රෙක්සිට්‘ සිදුවිය යුතුව තිබුණේ ඊයේ (29) ය.


නමුත් එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ එකඟතාවය පිළිබඳ යෝජනාව ඊයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී නැවත වරක් පරාජය විය.

344-286 ක් වශයෙන් ආණ්ඩු පක්ෂය මෙයින් පරාජය වීමත් සමග, මැයි 22 වැනිදා දක්වා යුරෝපා සංගමයෙන් ඉවත් වීම ප්‍රමාද කිරීමට තිබූ අවස්ථාව බ්‍රිතාන්‍යයට අහිමි විය.

අගමැතිනී තෙරේසා මේ පවසන්නේ දැන් විකල්පයක් සොයාගත යුතුව ඇති බවයි.

නමුත් ලේබර් පක්ෂ නායක සහ විපක්ෂ නායක ජෙරමි කෝබින් එක හෙළා කියා සිටින්නේ මේ පරාජයත් සමග තෙරේසා මේ ඉල්ලා අස්විය යුතු බව ය.

AFP
AFP

මේ අතර, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බව තවමත් විශ්වාස කරන දහස් සංඛ්‍යාත ජනතාව පාර්ලිමේන්තුවෙන් පිටත රැස්වී එම ඉවත් වීම ප්‍රමාද කිරීමට එරෙහිව උද්ඝෝෂණයේ යෙදෙන ආකාරය ද දැකගත හැකි විය.

බ්‍රෙක්සිට් සම්බන්ධයෙන් මීළඟ තීරණාත්මක දිනය අප්‍රේල් 12 වැනිදාට එළඹීමට නියමිත ය. එහිදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනාගැනීමේ පරම වගකීම තෙරේසා මේ ගේ උර මත පැටවී තිබේ.

බ්‍රිතාන්‍යය සම්බන්ධයෙන් කුමක් කළ යුතුදැයි තීරණය කර ගැනීමට යුරෝපා සංගමය අප්‍රේල් 10 වැනිදා විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත ය.

මෙම දේශපාලන අර්බුදයේ අවසානය ඇතැම්විට මහ මැතිවරණයක් හෝ ජනමත විචාරණයක් ද විය හැකිය.

ඉදිරියට විය හැකි දේවල්

පෙර ලිපි මෙතැනින්

තෙරේසා මේ ගේ බ්‍රෙක්සිට් යෝජනාව පරාදයි!

325 ට 306 යි. තෙරේසා මේ විශ්වාස භංගය ජය ගනියි.

ඩීල් නැතිව එන්න යැයි ජෙරමි කෝබින් තෙරේසා මේ හට කීවාද?

බ්‍රිතාන්‍යය ජරාවාස කිරීම හෙවත් බ්‍රෙක්සිට් පෙන්වා ගෙදර යාම

දස දහසකගේ සහභාගිත්වයෙන් ලන්ඩනයේ මහා බ්‍රෙක්සිට් විරෝධී රැළියක්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි