×

ලෝකයට භීතිය ගෙනෙන කෘරත්වයේ සංකේතය ”මාරා සැල්වටෘචා හෙවත් MS-13”

''මරා දැමීම, දූෂණය කිරීම සහ පාලනය කිරීම'' ඔවුන්ගේ උදාන පාඨයයි.


MS-13 යන්න ඇසුණ සැණින් ඒ පිළිබදව දන්නා ඕනෑම අයෙකු බියෙන් ඇලලී යන්නේය.. අපරාධ ක්‍රීඩාවක් කර ගත් පිරිසක් .. ඉදිරියේ ගොදුරක් වීම කෙතරම් බිය ජනක දෙයක්ද..

ලෝකයේ මේ වන විට ක්‍රියාත්මක වන දරුණුතම සහ භයානතම අපරාධ කල්ලි නැත්නම් මැර කල්ලි අතර ඉදිරියේම සිටින්නක් ලෙස සැළකෙන්නේ MS-13 කණ්ඩායමයි. MS-13 හෙවත් මාරා සැල්වටෘචා (Mara Salvatrucha) අපරාධ කල්ලිය සහමුලින්ම අතුගා දැමූ බවට විවිධ මත ඉදිරිපත් වුවද පසු ගිය දින කිහිපය පුරා නැවතත් ජාත්‍යන්තර මාධ්‍ය තුළ ඔවුන් ගැන කථා බහක් ඇති විය. ඒ ඔවුන්ගේ වධකාගාරයක් යැයි සැක කෙරෙන ගොඩනැගිල්ලක් සොයා ගැනීමත් සමගිනි.

මාරා සැල්වටෘචා (Mara Salvatrucha) ආරම්භ ය කැලිෆොනියාවේ ලොස් අන්ජලිස් හීදි 80 දශකයේ ආරම්භ වූ බවට තොරතුරු අනාවරණය මෙහි සාමාජිකයන් වුවද 1992 වසරේ සැල්වදෝරයේ සිවිල් යුධ සමයේ ඇමෙරිකා එක්‌සත් ජනපදයට සංක්‍රමණය වූ පිරිස් අනෙකුත් අපරාධ කණ්ඩායම්වලින් බේරා ගැනීමේ අරමුණින් නිශ්චිත ලෙසම ආරම්භ වී ඇත..

මුල් කාලීනව ඇමරිකා එක්‌සත් ජනපදයේ කැලිෆෝනියා, ලොස්‌ ඇන්ජලීස්‌ වැනි නගරවලින් ආරම්භ වුණු මේ මැර කල්ලිය පසුකාලීනව යරොපයේ රටවල් කරාද පැතිරෙන්නට විය. කැනඩාව , මෙක්සිකෝව, සහ මධ්‍යම අප්‍රිකානු රටවලද පැතිරී ගිය මාරා සැල්වටෘචා අපරාධ කල්ලියේ සාමාජිකයන් බෙහොමයක් මධ්‍යම ඇමරිකාවේ විශේෂයෙන්ම සැල්වදෝරයෙන් පැමැණි අයයි.

මාරා සැල්වටෘචා කල්ලිය ලෝකයේ අති බිහිසුණුම අපරාධකරුවන් ලෙස සැලකෙන්නේ ඔවුන් වසර ගණනාවක් තිස්සේ සිදුකර ඇති අපරාධයන්හී පසුබිම, හා ඒවායේ ස්වභාවයත් අනුවයි. මාරා සැල්වටෘචා වරුන්ගේ ලක්ෂණය වන්නේ පිස්‌තෝල, තුවක්‌කු, කඩු කිණිසි වැනි ආයුධ මගින් මිනිසුන් දරුණු වධ වේදනා සහිතව ඝාතනයට ලක්‌කිරීම, ස්ත්‍රී දූෂණය, මංකොල්ලය මේ සියලු අපරාධ වලින් ඔවුන්ගේ අපරාධ ලැයිස්තුව සමන්විත වෙයි.

කිසිම විටකදී කිසිවකුත් ඝාතනය කිරීමට පසුබට නොවන ඔවුන් සිය ගොදුර ඉදිරියටම ගොස්‌ ඔහුව ඝාතනය කිරීමේ ශෛලියක්‌ අනුගමනය කරන කෲර සිත් ඇත්තන්ගෙන සමන්විත වෙයි

එල් සැල්වදෝරයෙන් පැමිණි සංක්‍රමණිකයන්ට අමතරව හොඩුරාස් , ගෝතමාලාව සහ මෙක්සිකානු සාමාජිකයන්ගෙන්ද MS-13අපරාධ කල්ලිය සමන්විතයි.


ඔවුන්ගේ නම Mara Salvatrucha යන්න නිර්මාණය වන්නේ කල්ලිය යන අර්ථය ඇති Mara යන වචනයෙන් සහ සැල්වදෝරය යන්නට Salva යන්නත් වීදියේ ජීවිත යන අර්ථව ඇති trucha යන වචන වල එකතුවෙනි 13 යන්න සම්බන්ධ වී ඇත්තේ ඉංග්‍රීසි හෝඩියේ M ලැබෙන ස්ථානය 13 බැවිනි.

ඔවුන් මිනිස් ඝාතන සදහා වැඩි වශයෙන් යොදා ගන්නා ආයුධය වන්නේ මන්නය නැත්නම් විශාල පිහි තලය. බෙහෝමයක් මෙක්සිකානු අපරාධකරුවන්ගේ ආයුධයද මෙය වන්නේය. FBI නවතම වාර්ථා අනුව MS-13 කල්ලිය ඇමරිකාවේ ප්‍රාන්ත 46ක ව්‍යාප්තය. මාරා සැල්වටෘචා සාමාජිකයන් 70,000 ක්‌ පමණ ලොව පුරා ක්‍රියාත්මකයි. 2012 වසරේදී ඇමරිකාව විසින් මෙම කල්ලිය සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් ලෙස නම්කරනු ලැබිණි. මෙලෙස ජාතික මට්ටමින් අපරාධ කල්ලියයක් ලෙස නම්කෙරුණ ප්‍රථම වීදි අපරාධ කරුවන් කණ්ඩායම මොවුන් වන්නේය. ලෝකයේ මෙවැනි අපරාධ කල්ලි ලෙස මෙක්සිකෝවේ සෙටාස්, ජපානයේ යකූසා, ඉතාලියේ කමෝර්රා ආදී අපරාධ කල්ලි නම් කළ හැකිය.

ඔවුන් සිය අපරාධ කල්ලිය තුළට නව සාමාජිකයින් ඇතුලත් කරන්නේ වැඩි වශයෙන්ම බලහත්කාරයෙනි. ගැටවර වියේ පසුවන දිළිදු දරුවන් පාසැල් යන අතරතුර හෝ නිවෙස් වලට ගොස් පැහැරගෙන අපරාධකරුවන් බවට පක්කරනු ලබන්නේය. කණ්ඩායමට බදවා ගැනීමේ මූලික පියවර ලෙස ඔවුන් සිදු කරනු ලබන්නේ මළ මුත්‍ර පිටවන තරමට තත්පර 13ක් ඉතා වේගයෙන් පහර දීමයි. එක් වරක් බලහත්කාරයෙන් හෝ සාමාජිකයෙකු වූ පසු නැවත ඉන් ගැලවී යෑම සාමාජිකයෙකු වනවාට වඩා භයානක වෙයි. පසුව සාමාජිකත්වයේ පළමු සුදුසුකම තම විරුද්ධවාදී පාතාල කල්ලියක සාමාජිකයකු ඝාතනය කිරීමය, ඉන් පසුවද සාමාජිකත්වය ලබන්නටනම් සැල්වටෘචා කල්ලියේ ඡන්දයකින් ජයග්‍රහණය කිරීම අනිවාර්ය වේ. එසේ ලබා ගත් සාමාජිකත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට නම් එක්‌ මසකට අඩුම මිනිස්‌ ඝාතන 5 ක්‌ වත් සිදුකළ යුතු බව සදහන් වේ.එසේ නොවුණහොත් ඔහුට සිදුවන්නේ තම ජීවිතයෙන් වන්දි ගෙවීමටය.

ජීවිත කාලයටම සාමාජිකත්වය සනාථ කෙරෙන විශාල ටැටූ සිය සිරුර පුරා ඇද තිබීමයි . එය සාමාජිකයින්ගේ මූලික ලක්ෂණයක් වෙයි.මේ කල්ලියේ විශේෂත්වය වන්නේ සිරුර පුරා මුහුණද ඇතුළුව පච්චා කෙටාගෙන සිටීමයි. මේ පච්චා (tatoo) තුළ ඔවුන්ගේ ජීවිත කතාව හෝ අපරාධ ඉතිහාසය සදහන් කර ඇති බව කියවේ. මින් පෙර මුළු මහත් සිරුරේම මුහුණද ඇතුළුව ටැටූ ගසා තිබූ  MS-13 සාමාජිකයන් මේ වන විට සිය ආරක්ෂාව සදහා මුහුණේ පච්චා කෙටීමෙන් වැළකී සිටී. අමුතුම ආකාරයේ හස්‌ත සංඥවක්‌ භාවිත කිරීමද මොවුන්ගේ තවත් ලක්ෂණයකි යක්‍ෂ අඟ (Devil horns) නමින් හදුන්වන මෙන හස්ත සංඥාව සහ සිරුර පුරා අදිනු ලැබූ ටැටූ MS-13 කල්ලියේ අනන්‍යතාවය ලෙස ඔවුන් සළකයි.

FBI ආයතනයට අනුව ඔවුන්ට හිමි වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 31.2ක් ඔවුන්ගේ ආදායමෙන් වැඩි ප්‍රමාණයක් හිමිවන්නේ මත්ද්‍රව්‍ය වෙළදාමෙන් සහ මංකොල්ලා කෑම් මගිනි.
MS-13 හා Barrio 18 නම් තවත් අපරාධ කණ්ඩායමක් සමග දීර්ඝ කාලීන ගැටුමක් පවතී මෙම ගැටුම නිසාම පමණක්‌ දිනකට 20 කට අධික පිරිසක්‌ මිය යන බව සදහන්වේ.

ඔවුන්ගේ උදාන පාඨය බවට පත්ව ඇත්තේ ”මරා දැමීම, දූෂණය කිරීම සහ පාලනය කිරීම” “kill, rape, control” යන්නයි. ඇමරිකාවේ ස්ත්‍රී දූෂණ සහ වධහිංසන බෙහොමයක් සදහා චෝදනා කරනු ලබන්නේ මෙම MS-13 කල්ලියටයි.
දකුණු හා මධ්‍යම ඇමරිකානු කලාපයේ තරුණියන් ගණිකා වෘත්තිය සඳහා ලෝකයේ විවිධ රටවල් වල අපරාධකරුවන් අතර රහසින් විකුණා දැමීමද ඔවුන් විසින් සිදු කරනු ලබව තවත් අපරාධයක් වෙයි. .



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි