×

MURALI 800: මුරලිගේ චරිතය රඟපෑමට සිටි විජේ සේදුපති ඉවත් වෙයි

ලොව විශිෂ්ටතම දඟපන්දු යවන්නා ලෙස සැළකෙන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කිරීමට නියමිතව තිබූ '800' සිනමාපටයේ රඟපෑමෙන් ඉවත් වීමට සුපිරි දකුණු ඉන්දියානු නළු වි‍ජේ‍ සේතුපති තීරණය කර තිබුණා.


ඔහු මුරලි‍ගේ චරිතය සඳහා තෝරාගෙන තිබූ අතර ඔහුගේ තෝරාගැනීම සම්බන්ධයෙන් බො‍හෝ දෙනාගේ කතාබහට ලක්ව තිබිණි.

මෙම සිනමාපටයට අදාල‍ පෝස්ටරයක්ද නිර්මාණය කර තිබූ අතර එය දුටු බොහෝ දෙනා ප්‍රකාශ කර තිබුණේ මුරලිගේ චරිතය සඳහා වඩාත් සුදුසුම පුද්ගලයා තෝරාගෙන ඇති බවයි.

කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ විජේ සේදුපති මුරලිගේ චරිතය රඟපෑමෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවයි. ඒ දකුණු ඉන්දියානු ප්‍රේක්ෂකයන්ගෙන් එල්ල වූ දැඩි විරෝධ්‍ය හේතුවෙනි.

දකුණු ඉන්දියාවේ ජීවත් වන බහුතර දමිළ ජනතාව මෙන්ම දමිළ දේශපාලනඥයන් බහුතරයක් එල්ටීටීඊ හිතවාදී ප්‍රතිපත්තියක සිට කටයුතු කරයි. මුරලිදරන් දකුණු ඉන්දීය සම්භවයක් සහිත ශ්‍රී ලාංකික දමිළ ජාතිකයෙකු වුවද ඔහු එල්ටීටී හිතවාදියෙකු ලෙස නොසැළකෙන අතර එපමණක් නොව ඔහු මේ වනවිට එල්ටීටීඊය පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම හිතවතෙකි.

මෙම තත්වය හේතුවෙන් දකුණු ඉන්දියානුවන්ගේ පොදු මතය වන්නේ මුරලිදරන් යනු දෙමළ ජනතාවට ද්‍රෝහී වූ, උතුරේ දෙමළ ජනතාව සමූල ඝාතනය කළ පුද්ගලයන්ට පක්ෂපාතී කෙනෙකු ලෙසයි. මේ නිසා දකුණු ඉන්දීය සිනමාලෝලීන්ගේ දැඩි ආදරය දිනාගත් විජේ සේදුපති වැන්නෙකු මුරලිගේ චරිතය නිරූපණය කිරීම දකුණු ඉන්දීය සිනමා ප්‍රේක්ෂකයන්ට දරාගත නොහැකි වී ඇති තිබෙනවා.

දමිළ සිනමා කාර්මාන්තයේ නිරත ජනප්‍රිය හා ප්‍රබල තරු රැසක්ද විජේ සේදුපතිට විරෝධය දක්වා ඇති අතර සරත්කුමාර් වැනි සීමිත නළුවන් පිරිසක් පමණක් විජේ සේදුපතිට සහාය දැක්වීමට ඉදිරිපත්ව සිටියේය.

බොහෝවිට මෙම විරෝධය සිනමා ප්‍රේක්ෂකයන්ට අතර සැඟව සිටින දකුණු ඉන්දීය දේශපාලනඥයන්ගේ විරෝධයක් විය හැකිය.

මුරලිදරන් විසින් සේදුපති වෙත ලිපියක් යොමු කරමින්, පවතින විරෝධය හමුවේ තමාගේ චරිතය නිරූපණය කිරීමෙන් ඉවත් වන ලෙස ඉල්ලා ඇති බවද වාර්තා වේ. මුරලි සිය ලිපිය මගින් පවසා තිබෙන්නේ තමා නිසා දකුණු ඉන්දීය නළු නිළියන්ගේ ජීවිතවලට හෝ ඔවුන්ගේ සිනමා ගමනට බාධාවක් සිදුවනු දැකීමට අකමැති බවයි.

මතුව ඇති තත්වය හමුවේ බොහෝදුරට මුරලිගේ ‘800’ සිනමාපටය යථාර්ථයක් නොවීමට ඉඩ තිබෙනවා.

UN | நன்றி.. வணக்கம்
LNW


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි