වියට්නාම යුද ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයක් ලෙස සැලකෙන මෙම මායි ලයි සංහාරය සිදුවූයේ 1964දී දකුණු වියට්නාමයේ Son Tinh ප්‍රදේශයේ. 1964 මාර්තු 16වන දින දිගින් දිගටම වියට්නාම දේෂමාමක හමුදා අතින් පරාජය වූ ඇමරිකානු බට කණ්ඩායමක් Son Tinhහී නිරායුධ ගැමියන් වාසය කරන මායි ලයි ගම්මානයට කඩාවදින ලදී. මෙම හමුදා කණ්ඩය 20වන 11වන හා 3වන ඇමරිකානු පාබල බලසේනාවට අයත් සෙබලුන්ගෙන් සැදුම් ලත්බව පසුව හදුනාගනු ලැබුවා. ලුතිනන් විලියම් කැලී ජූනියර් එහි සම නායකත්වය ලබා දී තිබුණි.
පරාජයේ වියරුවෙන් සිටි මේ බල ඇණිය වියට්නාම් සෙබලුන් සොයමින් ගෙවල් ගිනිබත් කල අතර කිසිවෙකු සොයාගත නොහැකිවූ තැන පලිගැනීමක් ලෙස නිරායුධ ගම්වැසියන් කෘර ලෙස ඝාතනය අරඹන ලදී. වියට්නාම දත්ත වලට අනුව එහි ගම්වැසියන් 600ක් පමණ සිට ඇත. කිසිවෙකුට පැනයාමට නොහැකි ලෙස ගම්මානයම වැටලූ ඇමරිකානු සෙබලුන් ගම්වැසියන්ට ඉවක් බවක් නොමැතිව වෙඩි තැබීමට පටන් ගන්නා ගත්තා.
Machine Gun යොදාගෙන කල වෙඩිතැබීමෙන් විශාල ගම්වැසියන් ප්‍රමාණයක් එක ක්ෂණයකින් මැරී වැටුනි. ඉන් නොනැවතුනු ඇමරිකානු සෙබලුන් සැගවී සිටි තරුණියන් රැගෙනවිත් සමූහ ලෙස දූෂණයට ලක් කිරීම සිදුකරනු ලැබුවා. දෙමව්පියන් බලා සිටියදී දියණියන්ද සැමියන් බලා සිටියදී බිරින්දෑවරුන්ද මෙලෙස දූෂණයට ලක්කල සෙබලුන් අවසානයේ ඔවුන් අමානුෂික ලෙස වෙඩිතබා ඝාතනය කරන ලදී.
ලුතිනන් විලියම් කැලීගේ අණ පරිදි සිදුවූ මෙම සංහාරය තුල වයස 12ක් තරම් කුඩා දැරියන් පවා දූෂණයට ලක්වී ඝාතනයවී තිබුණා. කිසිවෙකු ඉතිරි නොකල සෙබලුන් කුඩා අත දරුවන් කුඩා දරුවන් පවා හිසට වෙඩිතබා ඝාතනය කරනු ලැබුවා. ඔවුන් ඝාතනයෙන් වින්දනයක් ලැබුවද මෙය දරා සිටිය නොහැකිවූ සෙබලුන් පිරිසක් සිය සංනිවේදන යන්ත්‍ර මගින් ඇමරිකානු ගුවන් හමුදාව මේ පිලිබද දැනුවත් කරනු ලැබ තිබුණා.
දිගින් දිගටම ගෙවල් ගිනිබත් කරමින් පැනයන ගම්වැසියන් ඝාතනය කරමින් ගෙනගිය මෙම සංහාරය නතරවූයේ හියු තොම්සන් නම් ඇමරිකානු ගුවන් හමුදාවේ නියමුවා සිය හෙලිකොප්ටර් යානය සෙබලුන් හා පැනයන ගම්වැසියන් අතරට ගෙන ඒමෙන් පසුවය. ඔහු සිය නිවේදක යන්ත්‍රයෙන් සංහාරය නොනැවත්වුවහොත් තමා ඇමරිකානු සෙබලුන්ට වෙඩි තබන බව නිවේදනය කරනු ලැබුවා. සෙබලුන් වෙඩි තැබීම නතර කරනු ලැබුවේ ඉන් පසුව බව සදහන් වනවා.
ඒ වන විටත් ලුතිනන කැලීගේ හමුදාව විසින් අහිංසක ගම් වැසියන් 504 දෙනෙකු ඝාතනය කර තිබුණි. ඒ අතර දූෂණයට ලක්වූ තරුණියන් ඇතුලු කාන්තාවන් 182නක් දරුවන් 173 දෙනෙක් හා අත දරුවන් 56 දෙනෙකු සිට තිබෙනවා. ඝාතනයට ලක්වූ තරුණියන්ගෙන් 17 දෙනෙකු ගැබිනියන්. තුවාල ලැබූ හා පැනගිය සංඛ්‍යාව පිලිබදව හරි වාර්තාවක් අදටත් නොමැති බව සදහන් වනවා. මියගිය පිරිමි බහුතරය මහලු පුද්ගලයන් වූ අතර ඉතිරිය නව යොවුන් තරුණයින් විය. මැදි වයසේ පිරිමි පුද්ගලයින් බහුතරය යුද්ධයට සම්බන්ධ වී සිටි බැවින් ඔවුන් ගම්වල නොමැතිවීම මෙම ගම්වැසියන් කිසිවක් කර කියා ගත නොහැකිව අසරණ වීමට තවත් හේතුවක් වී තිබුණි.
මෙම සංහාරයට එරහිව නඩු විභාගයක් 1970දී ඇරඹුණු අතර විලියම් කෙලී හා තවත් නිලධාරීන් 28 දෙනෙකුට එරහිව ඇමරිකානු හමුදාව නඩු පවරන ලදී. එයට වැරදි කරුවන් බවට සියලු දෙනා තහවුරුවූ අතර ඝාතන් 22කට වැරදිකරු වූ ලුතිනන් විලියම් කෙලීට වසර 20ක සිර දඩුවම් නියමවිය. නමුත් ඔහු වසර තුනකින් නිදහස් වූ බව සදහන් වනවා. My Lai වලට අමතරව My Khe නම් ග්‍රාමයෙත් මෙවැනිම සංහාරයක් ඇමරිකානු සෙබලුන් විසින් සිදුකර තිබුණි.
පහත පලමු ඡායාරුවේ පෙන්වන දර්ෂණය සංහාරය අතරතුර ඇමරිකානු සෙබලෙක් ලබාගත් එකක් බව සදහන් වනවා. දූෂනයට ලක්වූ මවක් හා ඇයට ඇදුම ඇදගැනීමට උදව්වන දියණියක් එහි දැක්වෙනවා. නමුත් මෙහිසිටින සියලුදෙනා මින් සුලුවේලාවකට පසු ඝාතනය වූ බව සදහන් වනවා. අනෙක් ඡායාරුවේ සිටින්නේ මෙම සංහාරය නැවැත්වූ විරුවා ලෙස හදුන්වන Hugh Thompson නම් ඇමරිකානු ගුවන් හමුදා සෙබලායි.
සටහන මනුජිත් අබේරත්න
‘මුහුණු පොතින්’