×

මියන්මාරයේ හමුදාව විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 80 මිය යයි

ක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත නොලීන් හෙයිසර් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ප්‍රකාශ කර තිබුණේ මියන්මාර් හමුදාව දිගින් දිගටම අවිචාරවත් ලෙස බෝම්බ හෙලන බවත්, නිවාස සහ ගොඩනැගිලි ගිනිබත් කරන බවත්, සිවිල් වැසියන් ඝාතනය කරන බවයි.


මියන්මාර හමුදාව විසින් උතුරු කචින් ප්‍රාන්තයේ මිනිසුන් 80 ක් පමණ ඝාතනය කළ ගුවන් ප්‍රහාරයක් හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත නොලීන් හෙයිසර් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ප්‍රකාශ කර තිබුණේ මියන්මාර් හමුදාව දිගින් දිගටම අවිචාරවත් ලෙස බෝම්බ හෙලන බවත්, නිවාස සහ ගොඩනැගිලි ගිනිබත් කරන බවත්, සිවිල් වැසියන් ඝාතනය කරන බවයි.

මේ වන විට රටතුළ පවතින ආර්ථික හා දේශපාලන ව්‍යාකූලත්වය හේතුවෙන් මියන්මාරයේ මිලියන 13.2කට වැඩි පිරිසකට ආහාර ගැනීමට ප්‍රමාණවත් නොවන බවත්, මිලියන 1.3ක් අවතැන්ව සිටින බව වාර්තා වන අතර පසුගියදා මියන්මාරයේ ප්‍රධාන අණ දෙන නිලධාරියා සමඟ පැවති සාකච්ඡාවේදී එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත නොලීන් හෙයිසර් ප්‍රකාශ කර තිබුණේ සියලුම ළමා හා දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත්, මරණ දණ්ඩනය අත්හිටුවන ලෙසත්, සිරගත කර සිටින රටේ හිටපු නායිකා අවුන්සාන් සුකීගේ යහපැවැත්ම සහතික කරන ලෙසත්, බංග්ලාදේශයට පලා ගිය මිලියනයකට අධික රෝහින්ග්‍යා සරණාගතයින් නැවත පැමිණීමට ඉඩ දෙන ලෙසත්ය.


මියන්මාරයේ සාමාන්‍ය ජනතාව විඳ දරාගෙන ඇති අතිවිශාල දුක් වේදනා පිළිබඳව අපි දැඩි ලෙස කණගාටු වන බව අග්නිදිග ආසියාතික ජාතීන්ගේ සංගමය (ASEAN) මියන්මාරයේ සෙසු සාමාජිකයන් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවෙන් බොහෝමයක් මේ වන විටත් සිය කලකිරීම ප්‍රකාශ කර ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි