×

මියන්මාරය නොහඬන්න.. අපරාධ කලානම් දැන් විඳවන්න!!!

රොහින්ග්‍යාවරුන්ට එරෙහි ජන ඝාතන සම්බන්ධ මියන්මාරයට එරෙහි නීතිය ක්‍රියාත්මක කිරීමට ICC අනුමැතිය


රෝහින්ග්‍යා ප්‍රජාවට අමානුෂීය ලෙස වධහිංසා කිරීමත් ඔවුන්ගේ නිදහස අහිමි කිරීමත් පිළීබද ජාත්‍යන්තර ලෙස මියන්මාරයට එරෙහි පැවති අපරාධ චෝදනා සම්බන්ධව පූර්ණ විමර්ශනයක් සදහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය (අයිසීසී) අනුමැතිය ලබා දෙන ලදී.

2017 වසරේ මියන්මාරය විසින් සුලු තර රොහින්ග්‍යාවරුන්ට විරුද්ධව ගෙන ගිය අමානුෂීය සහ ලේ වැගිරවූ හිංසනයන් මානව වර්ගයාට එරෙහිව මෑත කාලීන ඉතිහාසයේ සිදු වූ දරුණුතම අත්දැකීම්ය.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය මෙම තීරණය ගනු ලබන්නේ අවුන්සන් සුකී ආර්ජන්ටිනා අධිකරණය මගින් රෝහින්ග්‍යාවරුන්ට එරෙහි අපරාධ සම්බන්ධව වරදකාරිය බවට නම් කිරීමෙන් පසුවයි. ජනසංහාරයක් සදහා කටයුතු කිරීමට එරෙහිව මියන්මාරයට එරෙහි ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලිය එක්සත් ජාතින්ගේ ඉහළ අධිකරණයේදී පැවැත්වෙනු ඇත.

මියනමාරයේ රඛයිනේ ප්‍රදේශයේ ජීවත් වූ සුළුතර රොහින්ග්‍යා ප්‍රජාව 740000කට අධික ප්‍රමාණයක් බංග්ලාදේශයේ කඳවුරු වලට පන්නා දැමීම සදහා ඔවුන්ව පීඩාවට පත් කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක කෙරිණී. මේ අතරතුර ඇතැම් රෝහින්ග්‍යා වැසියන්ගේ ජීවිත අහිමි වූ අතර ගිනි තබා මරා දැමීම් .. වෙඩ් තැබීම් .. හිස සිඳලීම් ආදී අපරාධ ක්‍රියා මගින් රොහින්ග්‍යාවරුන් පීඩනයට පත් කරන ලදී.

Image result for Rohingya


ලෝකයේ දරුණූතම අපරාධ පිළිබදව නිරීක්ෂණය කිරීම සඳහා 2002 වසරේදී පිහිටුවන ලද හේග් පදනම් කර ගත් ජාත්‍යන්තර අධිකරණය පවසන්නේ අයි සී සී බල සීමාව තුළ සිදු වූ බව කියන අපරාධ පරීක්ෂණය ඉදිරියට කරගෙන යෑමට නීතිඥවරුන්ට බලය පවරන බවයි.

ක්‍රමවේදගත ප්‍රචණ්ඩක්‍රියාවන් ”සිදු කිරීම යන චෝදනාවද මීට ඇතුලත් වේ. අන්තර් ජාතික අධිකරණය පවසන්නේ පිටුවහල් කිරීම යනු මනුෂ්‍ය වර්ගයාට එරෙහි අපරාධයක් බවයි.

මානව වර්ගයාගේ යුක්තිය උදෙසා අන්තර් ජාතික අධිකරණය ගත් පියවරට ප්‍රශංසා කරමින් ළමා සුරක්ෂිත භාවය සහ සන්නද්ධ ගැටුම් පිළිබද සේවුද චිල්ඩ්‍රන් සංවිධානයේ අධ්‍යක්ෂ ජෝර්ජ් ග්‍රැහැම් පවසන්නේ මේ පිළිබදව ලේඛන ගත අපරාධ විමර්ශනය කර සාධාරණය ඉටු කිරීමේ අතිමහත් අවශ්‍යතාවත් පවතින බවයි.


” රෝහින්ග්‍යා දරුවන් හා දැරියන් මරා දැමුවා . දූෂණය කලා ඔවුන්ට එරෙහිව දරුණු මානව හිමිකම් උල්ලංඝනය කලා. ආසන්න වශයෙන් බංග්ලාදේශය ආසන්න දේශ සීමාවේ දරුවන් ලක්ෂ පහක් පමණ අතුරුදහන් .. රෝහින්ග්‍යා දරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙත් දරුණූ මානසික පීඩනය හේතුවෙන් පීඩා විදින්නෙක්…මේ සියල්ලමත් මියන්මාරයට එරෙහි අපරාධ චොදනා වලට ඇතුලත් .. ඔහු එසේ පවසයි.

ජන සංහාරයක් හෝ සමූල ඝාතනයක් සදහා තමන්ට එරෙහි චෝදනා කාලයක් තිස්සේ මියන්මාරය විසින් ප්‍රතික්ෂේප කෙරිණි. මියන්මාරය අන්තර් ජාතික අධිකරණයේ සාමාජිකත්වය දරන රාජ්‍යයක් නොවුනද රොහින්ග්‍යා ප්‍රජාවට එරෙහි ඔවුන්ගේ අපරාධ ක්‍රියාවලය එරෙහිව කටයුතු කිරීමට අන්තර්ජාතික අධිකරණයට කටයුතු කළ හැකිව ඇත්තේ රෝහින්ගාවරුන් මේ වන විට සරණාගතයින් ලෙස ජීවත් වන බංගලිදේශය අන්තර් ජාතික අපරාධ අධිකරණයේ සාමාජිකත්වය දරන බැවිනි.

රොහින්ග්‍යා ප්‍රජාවට කෙරහි ජාත්‍යන්තර වශයෙන් යුක්තිය ඉටුවීම සම්බන්ධ ක්‍රියාවලිය මෙතෙක් පැවතියේ මන්දගාමී ලෙසිනි. නමුත් අන්තර් ජාතික අපරාධ අධිකරණය මගින් එය වේගවත් කර ඇත. ඒ එක් පසෙකින් අවුන් සාන් සූඛීට විරුද්ධව ද ජාත්‍යන්තර වශයෙන් චෝදනා ඔප්පු කිරීමට සූදානමක් පවතින අවස්ථාවකය.

මේ අනුව ජාත්‍යන්තර අපරාධ අධිකරණ ක්‍රියාවලිය යොමු වනු ඇත්තේ සමස්තයක් වශයෙන් මියන්මාර් රාජ්‍යයට එරෙහිව නොව අපරාධයන් හී වගකීම් දැරූ නිළධාරීන්ට එරෙහිවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි