×

මියන්මාරයේ ජේඩ් පතලක් නාය යෑමෙන් 160ක් මරුට

පතල තුල තවත් පුද්ගලයින්  සිරවී සිටින බවත් ගිනි සේවා දෙපාර්තමේන්තුව සහ තොරතුරු අමාත්‍යාංශය වාර්තා කරන අතර තවමත් ඔවුන්ව මුදා ගැනීමට මෙහෙයුම් දියත් කරමින් සිටියි.


උතුරු මියන්මාරයේ ජේඩ් පතලක සිදු වූ නායයෑමකින් මේවන විට කම්කරුවන් 160 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව එරට ගිනි සේවා දෙපාර්තමේන්තුව සහ තොරතුරු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.
උතුරු මියන්මාරයේ කැචින් ප්‍රාන්තයේ පිහිටි ජේඩ් පතලේ සේවය කරමින් සිටියදී එක්වරම සිදුවූ නාය යාමක් හේතුවෙන් මෙම විපත සිදුව තිබෙනවා.
මෙතෙක් සිදු කරගෙන යන ලද මෙහෙයුම් වලදී සේවකයින් 160 දෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන ඇත.
මේ අතර පතල තුල තවත් පුද්ගලයින්  සිරවී සිටින බවත් ගිනි සේවා දෙපාර්තමේන්තුව සහ තොරතුරු අමාත්‍යාංශය වාර්තා කරන අතර තවමත් ඔවුන්ව මුදා ගැනීමට මෙහෙයුම් දියත් කරමින් සිටියි.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි