×

චීනයට අභ්‍යවකාශයෙන් අද්භූත ගුවන් විදුලි සංඥා!

විශ්වයේ අප තනිවෙලාද? මෙම පුවත ඇසූ සැණින් එය සැක සහිත බවට සිතෙනු නොඅනුමානය.


චීනයේ මීටර් පන්සියයක විවරයක් සහිත ගෝලාකාර ගුවන් විදුලි දුරේක්ෂය (Five-hundred-meter Aperture Spherical Radio Telescope: FAST) වෙත අභ්‍යවකාශයෙන් අද්භූත ගුවන් විදුලි සංඥාවක් ලැබී ඇති බවට වාර්තා වේ.

මෙම ගුවන් විදුලි සංඥාව fast radio burst (FRB) නමින් හැඳින්වෙන අතර, මෙය කිහිප වරක්ම එකී ගුවන් විදුලි දුරේක්ෂය වෙත ලැබී ඇති බවට පැවසේ. 

පසුගිය බදාදා දින චීන විද්‍යා ඇකඩමියට අනුබද්ධ ජාතික තාරකා විද්‍යා නිරීක්ෂණාගාරය විසින් මෙහෙයවන FAST ව්‍යාපෘතියේ සේවය කරන විද්‍යාඥයින් විසින් මෙම පුවත පළමු වරට මාධ්‍ය වෙත හෙළිදරව් කරන ලදී.

චීනයේ FAST දුරේක්ෂය වෙත මෙම අද්භූත ගුවන් විදුලි සංඥාව ලැබී තිබෙන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 3ක පමණ දුරකින් බවට එරට තාරකා විද්‍යාඥයෝ පෙන්වා දෙති. 

FRB විසර්ජන මිනිසුන් අතර කතාබහට පවා ලක්වීම ආරම්භ වූයේ 2007 වර්ෂය තරම් මෑත කාලයක සිටයි. එතැන් පටන් තාරකා විද්‍යාවේ උණුසුම් මාතෘකාවක් බවට පත්වූ මෙම FRB විසර්ජන පිළිබඳ සිදුවීම් මේ වන විට ජාත්‍යන්තර මට්ටමින් වාර්තා වී ඇත්තේ 100 කට අඩු ප්‍රමාණයකි. 

FRB විසර්ජන හටගැනීමට පැහැදිලි හේතුවක් මේ වන විටත් සොයාගැනීමට විද්‍යාඥයින් සමත් වී නැත. එමෙන්ම FRB විසර්ජන හටගන්නේ වරකට එක් වතාවක් බැවින් එය අධ්‍යයනය කිරීමට මූලාශ්‍රය සොයා ගැනීමද ඉතා අපහසු ය. 

FRB විසර්ජන වල පවතින මෙම අද්භූත හා විද්‍යාත්මක අර්තකථනයකට නතු කිරීමේ ඇති අකාර්‍යක්ෂම බව නිසා විවිධ විද්‍යා ප්‍රබන්ධ නිමවීමට කලා ක්ෂේත්‍රය පෙරමුණ ගැනීම ද සුලභ සිදුවීමකි. ඒ ඇසුරින් ඇතැමුන් ප්‍රකාශ කර සිටින්නේ මෙය පිටසක්වල ජීවීන් සිටිනා බවට සාක්ෂියක් බවයි.

මීට පෙර, පළමු වරට FRB විසර්ජනයක් හටගත් බවට වාර්තා වූයේ 2012 වර්ෂයේදීයි. එය FRB121102 ලෙස නම් කර තිබූ අතර, එම විසර්ජනය එම සංඛ්‍යාතයෙන්ම නැවත 2015 වර්ෂයේදී ද හට ගෙන ඇත. විද්‍යාඥයින් ඇස්තමේන්තු කර තිබූ අන්දමට එම සංඥාව පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 3ක පමණ ඈතින් පිහිටි ඉතා කුඩා චක්‍රාවාටයින් පැමිණි සංඥාවක් බවට හෙලිවිණි. 

පසුගිය දින වාර්තා වූ FRB විසර්ජනය හට ගෙන තිබෙන්නේ අගෝස්තු මස 30 වන දින ය. පසුව එම සංඥාව නැවත නැවත් හට ගත් බවට විද්‍යාඥයින් විසින් හඳුනා ගෙන තිබිණි. සැප්තැම්බර් 03 වන දින වන විට FRB විසර්ජන 20 කට අධික සංඛ්‍යාවක් නිකුත් වී තිබිණි. 

කෙසේ වෙතත්, චීනයේ පවතින මෙම ගෝලාකාර ගුවන්විදුලි දුරේක්ෂයට ආවරණය කළ හැක්කේ ගිගාහර්ට්ස් 1.05 – 1.45 ක සංඛ්‍යාත සීමාවක් බැවින්, එයද ඉතා ඉහල පරාසයේ තරංග වලට සංවේදී මුත් ප්‍රමාණවත් නොවිය හැකි බැවින්, මෙම අද්භූත ගුවන් විදුලි සංඥා පිළිබඳ පූර්ව නිගමනයකට එළඹීමට තවමත් අපහසු යැයි FAST ව්‍යාපෘතියේ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

එමෙන්ම මේ පිළිබඳ පර්යේෂණ කටයුතු දිගටම සිදුකරන බවත්, ලොව අනෙකුත් තාරකා විද්‍යාඥයින් ගේ සහය ද මේ සඳහා ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බවත් ඔවුහු පවසා සිටියහ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි